Friday, December 30, 2011

ටොමාටිනා උත්සවය(Tomatina festival)

මෙය ලෝකයේ පවත්වන තවත් අපූරු උත්සවයක්. මෙහි නිජබිම ලෙස සැලකෙන්නෙ ස්පාන්ඤය(ලිව්වා හරිද මන්දා). මෙය ආරම්භ වෙලා තියෙන්නෙ 1944 වර්ෂයේදි. මෙයට මුල් වූ හේතු සාදක විදියට සදහන් වන්නෙ, දිනක් තරුණයන් අතර සිදුවූ ගැටුමකදි ඔවුන් තම ප්‍රහාරක අවිය බවට පත් කර ගන්නෙ තක්කාලිවීමයි.

පසු කාලීනව මෙය උත්සවයක් බවට පත් වී තිබෙනවා. මේ උත්සවයට සහභාගි වීමට ලොව නන් දෙසින් ජනතාව පැමිණෙනවා.

පහත දැක්වෙන්නෙ එහි අපූරු ඡායාරූප කිහිපයක්.









****හීන****

මම කියන්න යන්නෙ අපේ බෝඩිමේ යාඑවෙක් දැකපු හීන 02ක් ගැන හැබැයි කවුද කියල නම් කියන්න බෑ...
මුල්ම 1ක මේක,

ඔන්න දවසක් Indian team 1 ක ලංකාවට ඇවිත් , ඇවිත් තියෙන්නෙත් මෙයාලගෙ ගෙදරට. මුඑ team 1 ම ඇවිත් , ඔන්න මෙයාල ඔක්කොම දැන් ගෙදර ඇතුලෙ වාඩි වෙලා ආගිය තොරතුරු කතාකරන්න පටන් අරගෙන.අපේ යාඑවා ටිකක් විතර හින්දි දන්නවා හැබැයි හිතන්නෙ නම් ගොඩක් පුලුවන් කියල. ඔන්න වැඩ පෙන්නන්නත් එකක මෙයා එයාල එක්ක හින්දියෙන් කතාකරන්න පටන් ගෙන . හැබැයි හොදම දේ තමයි Indian team 1කේ අය ඔක්කොම මෙන්න සිංහලෙන් කතාකරන්න පටන් අරගෙන මෙයාට කින්ඩි 7යි වැඩේට. ඔන්න ඔහොමයි Indian team 1ක ලංකාවට ආවම වුන දේ….

මේ 2වෙනි 1ක,

ඔන්න මෙයා උදෙන්ම ලැහැස්ති වෙලා Exam ලියන්න ගිහින් වඩිවෙලා ටිකක් ගියාට පස්සෙ Papers ටික බෙදාගෙන ගියම මේක ටිකක් පැය 2ට වඩා ලියන්න යනවලු ඒක නිසා ටිකකින් sir ඇවිත් කීවලු දැන් ලියන්න පුලුවන් නම් ලියන්න නැතිනම් ගෙදර ගෙනිහින් ලියලා ගෙනත් දෙන්න කීවලු . මේ final exam 1කේ. අනේ මේ හීනය නම් ඇත්තක් වෙනවා නම් කොච්චර හොදයිද ….

Wednesday, December 7, 2011

වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...

අද ටිකක් වෙනස්ම දෙයකට තමයි මුල පුරන්නෙ. මේ දවස් වල facebook, youtube  ඇතුලු මුලු අන්තර් ජාලයේම ජනප්‍රියම ගීතය බවට පත් වෙලා තියෙන්නෙ මේ ගීතය. මෙහි වෙනස් කම් ගොඩක් තියෙනවා. ඒ අතර මෙහි ගායකයා වන්නෙ දනුෂ් (Kollywood), සහ මෙහි ගීත රචනයද ඔහුගේමයි. මේ  ගීතය මෙතරම් ජනප්‍රියම වීමට හේතුව කියල මට නම් හිතෙන්නෙ මෙහි ඇති වෙනස් වූ ගායන විලාසයයි. මම මේ සිංදුව ඇහුවට පස්සෙ හිතුනා මේක සිංහලෙන් ලියන්න ඕන කියල. ඒ සදහා ගත්ත පුන්චි උත්සහයක්. :D





ඕ බෝයිස් අයම් සිං අ සෝං..
සුප්  සෝං..
පොලොප්  සෝං...


වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි ........... අ ඩි...


ඩිස්ට ටූල මූන මූන 
මූන කලර වයිට 
වයිට බැක්ගවුන්ඩ් නයිට නයිට 
වයිට කලර බ්ලැක්කු


වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...


වයිට ස්කින්න ගල්ලූ ගල්ලූ 
ගල්ලූ  හාර්ට බ්ලැක්කු
අයිස් අයිස් මීටු මීටු 
මයියු පියුච ඩාක්ක 


වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...


මාමා නෝට් සුත්තකෝ , අපිඩි කේල ස්නැක් එඩිත්තකෝ......
පපා ප පා පපා ප පා පප පාම්....
සුපර් මාමා රෙඩී 1 2 3 4


වා වට්ට චේන්ඡ මාමා 


ඕකේ මාමා නවු ටියුන් චේන්ඡ 
හ්ම්.............
කයිල ග්ලාස ..
ඔන්ලි ඉංලිශ් ආ


හෑන්ඩ් ග්ලාස ග්ලාස ස්කොච් අයිස පුල්ල ටියර...
එම්ටි ලයිෆ් ගල්ල කම්ම ලයිෆ් රිවස ගියර....
ලව්ව ලව්ව ඕ මයි ලව්ව යු ශෝව්ඩ මී පව්ව...
කවූව කවූව හෝලි කවූව අයි වෝන්ට්ටු හියර් නව්ව...
ගෝඩ අයම් ඩයින් නව්ව...
ශීස් ස්ස හැපි හව්ව... 


දිස් සෝන පාස බෝයිස්...
වී ඩෝන් හැව් චොයිස...


වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...
වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩි...

මේ ඔක්කොම කරල සින්දුවෙ ලින්ක් එක දාන්න අමතක වුනා යාඑවන්ගෙ අදහස් දැක්කම තමයි ඒක මතක් වුනේ බොහෝම ස්තූතියි මතක් කලාට. මෙන්න සින්දුව,

Sunday, November 27, 2011

Copy කිරීම

‍ලෝකයේ කොපමන COPY right ආරක්ශා කිරීමෙ පනත් සමීමත වෙලා තිබුනත් ඒවා කඩ කිරීමුත් අපට සෑම විටම අසන්න ලැබෙනවා.

ඉහත පෙන්නුම් කරන්නෙ ලෝක ප්‍රසිද්ධ BMW Logo ඒ අකාරයෙන්ම Copy කල අවස්තාවක්.

PUMA වෙනුවට ආව FDUM සහ PUNX.

Mazda වගේම ආව Ha/ma.

මේවා අපට දැක ගන්න ලැබෙන්නෙ විදේශ වෙළදපොලෙන් නමුත් අපට මෙවැනි දේ ලංකාවෙත් දකින්න පුලුවන්. උදාහරණයක් විදියට ,
  • Sunlight වෙනුවට Wonderlight, Hirulight වගේ දේවල්.
  • Sidhalepa වෙනුවට Sahanalepa.
copy කිරීම නම් හැම තැනම් වෙනවා. පහුගිය කාලයේ ලංකාවට ආපු Reality Shows ගොඩක් පිටරටින් කොපි කරපුවා.
 ඉංදියාවේ "Little Champs" වෙනුවට ලංකාවේ "Dearana Little Star".




 ඉංදියාවේ "kon banegi korolpathi" වැඩසටහන වෙනුවට ලංකාවේ "ඹබද ලක්ෂපති මමද ලක්ෂපති" සහ "DFCC Mind Star".

ලෝකෙ පුරා ඉන්නෙ එක එක විදියට copy කරන අය. පහත දැක්වෙන වාහන Model ඒ ආකාරයෙන්ම වෙනස් පාට වලින්  copy කරල.













අපට මේ copy කිරීම් බහුල වශයෙන් films වලද දකින්න පුලුවන්. ලංකාවෙත් අතීතයේ මෙන්ම වර්ථමානයෙත් copy කරපු සිංහල films දකින්න පුලුවන්. අතීතයේ ගෙඩක් ගීත පවා ඉංදීය filmsගීත වලට  අනුකරන විදියට ගහපුවා. අද සිනමා පරපුර මෙවැනි දේ පවා දකින්න පුලුවන්.


 copy කිරිම සෑම විටම වැරදි දෙයක් නොවුනත් එය අපට ගැලපෙන ආකාරයට කිරීමට අප මතක තබා ගත යුත්තක් වනවා.  copy කිරීමට වඩා අලුත් දෙයක් කිරීම තමයි වැදගත්. නමුත් මේ සියල්ල ලංකාවට ගැලපෙන ආකාරයට කල අයත් මේ අතර සිටියා.මේකෙන් කියන්නෙ නෑ මම  copy කරන්නෙ නෑ කියල. මාත් ඹය ඉදල හිටල  copy කරනවා.

.

Thursday, November 3, 2011

වර්ථමානයේ අපේ රටේ ටෙලිනාටයය

මම අද කථා කරනෙ සුලු ප්‍රමාණයක් වූ ඉහල මට්ටමේ තිබෙන ටෙලි නාටයය ගැන නෙවෙයි බහුතරයක් වූ පහළ මට්ටමේ ඇති ඒවා ගැන.ප්‍රධාන වශයෙන් අද ඇති ටෙලි නාටයය යථාර්ථය ග්‍රහණය කරන්නෙ නැති බව පේන්න තිබෙනවා. හැම එකක්ම බැලුවම  පේන්නෙ "අනේ මේ ලංකාවද කියල හිතෙනවා" . හැම එකකම තියෙන්නෙ ලොකු ගෙවල්, නවීන පන්නයේ වාහන , අලංකාර ඇදුමින්  සැරසුන අය සහ විවිධ වර්ගයේ කෑම බීම. අනේ දැක්කම හරි ආස හිතෙනවා.

අද නැතුවම බැරි චරිත

  • විකටයෙක්
  •  ඇමති කෙනෙක්
  •  ඉහළ පෙලේ සල්ලිකාර පවුලක් 
  •  දුශ්ටයෙක්
  • ගුරුකම් කරන කෙනෙක් 

ටෙලි වල ගොඩක් අය ආදරය කරන්නෙ facebook හරහා, යන්නෙ hybrid car වල , කන්නෙ ඉහල පෙළේ හෝටල් වලින්, ඉන්නෙ ටෙඩි බෙයාලා පිරුනු කාමර වල , අදින්නෙ ඇග වත් වැහෙන්නෙ නැති ඇදුම් සහ කතා කරන්නෙ ලක්ශය ගනන් වලින්. අනේ මේ ලංකාවට   මොකද මේ වුනේ.

හැම ටෙලියකම වගේ පවුලේ  ගෘහ මූලිකයා වන පියා නමට පමනක් සීමා වෙලා.පියා රගපාන්නෙ විකටයගෙ චරිතය, ඔහු මුඑ පවුලටම විහිලුවක් වෙලා. මේවා බැලුවම  ඔලුව අවුල්  වෙනවා. කවදාවත් දැකලා නැති නවක තරු , අම්මා දුවගෙ වයසෙ දුව අම්මගෙ වයසෙ. අගය කරන්න පුලුවන් වර්ගයේ නිර්මාණ බිහිවන්නෙ අතලොස්සයි ඒවාටත් නිසි ඇගයීමක් නෑ හැම තැනම විකිණෙන්නෙ බොරුව. යථාර්ථය පෙන්වන විදියෙ එකක් කලොත් එය පෙන්වීමට විකාශණ කාලයක් වෙන්කර ගැනීම පවා අපහසු යුගයක්. මින් පෙර නම් රජයේ රූපවාහිනි ම්මේ වගකීම ඉටුකරනවා අපට දක ගන්න ලැබුනා. නමුත් වර්ථමනය වන විට ඔවුනුත් මේ වගකීම පැහැර ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නෙ.


Friday, October 14, 2011

ප්‍රථම දකුණු ආසියානු වෙරළ කීඩා උත්සවයේ දුටු අඩුපාඩු

ලංකාව ප්‍රථම දකුණු ආසියානු වෙරළ කීඩා උත්සවය මෙරට පැවැත්වීම අප රටට විශාල කීර්තියක්. තවද එහි කීඩා කටයුතු ඉතා ඉහල මට්ටමින් පැවැත්වීම කටයුතු කර ඇතිබව අපට දැක ගන්නට ලැබුනා. නමුත් වර්තමානය වන විට මෙවැනි ක්‍රිඩා උත්සවයක ප්‍රධාන ගය ලෙස  සලකන අංගයක් වන්නෙ එහි ආරම්භක සහ අවසන් අවස්තාවේ පවත්වන මනරම් උත්සවයයි.

මෙම ක්‍රිඩා උළලේ මම දැකපු අවාසනාවන්තම අංගයද වූයේ එයයි. මට අසන්නට ලැබුනු අකාරයට එහි නිර්මාණ දායකත්වය ලබාදි තිබුනේ පොලිස් අදිකාරීවරයකුය තවද මෙහි සියලුම ඉදිරිපත්කිරීම් පවා කරතිබුනේ ඔවුන් නැතිනම් ආරක්ශක අමාතයංශය විසිනි. ඇත්ටම එය බලා සිටින ඔනම අයකුට සිතෙන්නේ පොලිස් සහ හමුදා නිලදාරීනෙ විවිදප්‍රසංගයක් විලසටය. ඉතාම ප්‍රාඨමික මට්ටමෙ පැවති ඉදිරිපත් කිරීම් මෙවැනි ජාත්යන්තර උත්සවයකට එක්කර තිබුනේදැයි සිතා ගැනීමට මට නොහැකිවිය.

මෙවර පැවැත්වුනු ජාතික පාසල් ක්‍රිඩා උළලේ (මතක ඇති පමනට) මීට කිහිප ගුනයක් ඉහල මනරම් අංග එකතු කර තිබුනි.

කනගාටුවට කරුණ වන්නේ 2018 වසරේදි පොදු රදමඩුලු ක්‍රිඩා උළෙල මෙරටට ලබා ගැනීමට පෙරමං  තනන මොහොතක මෙවැනි සැලකිය නොහැකි ලෙස ස0විදායකයන්  ක්‍රියා කිරීමය. ලංකාව තුල මෙවැනි ක්‍රියා ඉසවු ස0විධනය කරන බොහෝ ආයතන තිබියදි , මෙවැනි වගකීම් විරහිත  වීම කල නොහැක්කකි. කිව යුතුම කරුනක් තිබේ එනම් ල0කාව තුල ක්‍රියාත්මක වන Reality show හි මීට සිවු ගුනයකින් ඉහල ප්‍රසංග පවත්වා ඇත. අමතක නොකල යුත්තේ පොදු රදමඩුලු ක්‍රිඩා උළෙල ලබාගැනීමේ අපගේ තරග කරුවා වන්නේ Australia යි. එනම් අප ඔවුන්ට වඩා ශක්තිමත් බව පෙන්වීමට අපට සිදුවනු ඇත . එවිට නොවැම්බර් 11 දින අපට එම අභිමානය මෙරට දිනාගත හැකිවනු ඇත.

අවසානයේ කිවයුත්තේ අනෙකුත් සියල්ල හොදින් සිදු වූ බවයි. මෙවැනි ක්‍රිඩා උළලෙක රස විද ගැනීමට හම්බන්තොට ජනතාවටද උරුමකම් හිමි වීම සතුටකි.

Sunday, October 9, 2011

Branding evolution

අපි ජීවත් වෙන්නෙ වෙනස් වන ලෝකයක් තුල මේ වෙනස් වීම වඩා ඉහල අන්දමින් බලපාන්නෙ business ලෝකයට. ඒ නිසා අපට business field 1කේ දිගුකාලීන රදා පැවතීමට නම් නිතරම වෙනස් කම් කිරීමට සිදුවෙනවා. මේ අතර බොහෝ වෙලාවට තමන්ගෙ trade mark 1ක වෙනස් කිරීම් දැක ගන්න පුලුවන්. මම අද පෙන්වීමට සූදානම් වන්නෙ එවැනි අකාරයට වෙනස් වීම් කරන ලද මුලු ලෝකයම හොදින් හදුනන logo වෙනස් වීම් කිහිපයක්.

  • මුලින්ම බලමු ලෝකයේ අ0ක 01 CocaCola සාමාගම් නාමය වෙනස් වූ අකාරය. 
  • shell gas වල brand name 1ක වෙනස් වූ අකාරය.

  • xerox වල trade mark වනස් වූ අකාරය.

  •  IBM හි trade name 1ක වෙනස් වුනේ මෙහෙමයි. 
  • අපි හැමෝගෙම මිතුරා Microsoft වෙනස් වුනේ මෙහෙමයි. 

  • Audi සමාගමත් මේ අකාරයට වෙනස් වීම් සිදු කලා. 

  • අපි හැමෝගෙම හීනය Mercedes Benz ලාගේ වෙනස් වීම.

  • Canon සමාගම සහ Nokia සමාගමත් වෙනස් වුනා. 


 මේ සියලු වෙනස් වීම් මේ අකාරයට සිදු වුනත් මේ සමාගම් සදහා ලෝකය පුරා තිබෙන ජනප්‍රියත්වයේ න අඩුවක් වී නෑ.

Friday, October 7, 2011

ලංකාවෙ අපට නම්............

  • EGB නැතිව කෑම එපා ...
                  මේ කඨාව අහපු අපේ ආච්චි කෙනෙක් කියපු කඨාවක් මත්ක් වුනා. "අනේ අපි නම් ඉස්සර ඔවා බීවෙ බ්ඩේ අමාරුවට " අළවිකරණයට(Marketing)  මොන තරම් දේවල් කරන්න පුලුවන්ද. බඩේ අමාරුවට  බීපු EGB දැන් බොන්නෙ fashion 1ට.

  • මට සන්ල්යිට් කෑල්ලක් දෙන්න   ....
                ඇයි කඩේ තියෙන්නෙ සන්ල්යිට් විතරමද .මේ අපේ මිනිස්සු පුරුදු වුන හැටි. අපූරු වැඩේ කියන්නෙ කඩේ මුදලාලි මහත්මයත් සන්ල්යිට් කියල ඉල්ලුවත් දෙන්නෙ කඩේ තියන එක තමයි ඒක වොන්ඩර් ලයිට් , නැතින වෙන මොකක් හරි ලයිට් 1ක්. හැබැයි ඊටත් වඩා පුදුම වැඩේ ත්මයි සන්ල්යිට් ඉල්ලපු කෙනා දෙන ඔනම දෙයක් අරගෙන යන 1ක . එයා සන්ල්යිට් කීවෙ නිකන් කට හුරුවට නිසා. 

              මේ කාරනයම තමයි පැනඩෝල් වලට තියෙන්නෙත්. මෙය මම දැකපු කාරනයක් , දිනක් කඩයට පැමිනි කාන්තාව පැනඩෝල් 02ක් ඉල්ලුවා මුදලාලි පැනඩෝල් 02ක් දුන් විට මට මේවා නෙවෙයි අර 02 කම එක මිලට තියෙන ඒවා දෙන්න කීවා(පැරසිටමෝල් ). 


  • ඉස්සර   එයාටත් cell-tel 1ක් තිබුනා. 
             මේක නම් අදට වලංගු නැති කඨාවක් ටිකක් විතර පරණ.  අපි අදුරන වසක ඇන්ටි කෙනෙක් (ආච්චි කෙනෙක්) ඉන්නවා එයා දවසක් අපේ අක්කට කියල (මීට වසර 3 ට විතර කලින්) ඉස්සර එයාගෙ මහත්තයටත් ඔය cell- tel 1ක් තිබුනා කියල. ඒ කාලෙ වන විටත් cell- tel ල0කාවෙන් ගිහිල්ලා. නමුත් ඔවුන් තමයි ල0කාවට මුලින්ම ජ0ගම දුරකඨන හදුන්වා දුන්නෙ ඉතින් ඒ කාලෙ මිනිස්සු ඔක්කොම ජ0ගම දුරකඨන වලට කීවෙ cell- tel කියල. තාමත් ඔය විදියට කියන මිනිස්සු දකින්න පුලුවන් . 

මේ හැම දෙයක්ම කියන්නෙ සන්නම් නාමයක් මිනිසුන්ගෙ හිත් වල ගොඩ නැගුනම එය මකන්න හරි අමාරුයි. එය මිනිසුන්ගෙ ජීවිතයෙ කොටසක් බවට පත් වනවා. නමුත් වර්ඨමානය වන විට මෙවැනි සන්නම් නාම ගොඩ නැගීම අපහසු කාරනයක්. මොකද ඒ කාලයෙ තිබුනෙ භාණ්ඩ වරග බොහොම අත්ලොස්සයි නමුත් අද වන විට මිනිසුන්ට ගැනිය නොහැකි සහ මතක තබා ගත නොහැකි ප්‍රමාණයට භාණ්ඩ තිබෙනවා. එම නිසා එවැනි සන්නම් නාම බිහිකිරීම අපහසුයි.

Wednesday, October 5, 2011

සම්මුඛ සාකච්ජාවට මුහුණ දීම (facing an interview part 02)

අපි පෙර කඨා කල සියලුම කරුනු සම්මුඛ සාකච්ජාවට පෙර සූදානම් වීම. නමුත් අපි මොන විදියට සූදානම් වී ගියත් එම ස්ඨානයට ගිය විට ඇතිවන අමුතු අකාරයේ බය නැති කර ගැනීම නම් ටිකක් විතර අපහසුයි. එය ස්වභාවිකයි. එම නිසා සම්මුඛ සාකච්ජාව තුල කල යුතු සහ නොකල යුතු දේ මොනවද කියල හදුනා ගැනීම වදගත්.

මේ අතරින් නොකල යුතු දේ මුලින්ම හදුනා ගමු.

ප්‍රධානම දේ තමයි නියමිත වෙලාවට කලින් ගොස් වට පිට බල බලා නොසිටීම. තමන්ට සදහන් කර ඇති වෙලාවට විනාඩි 5ට විතර කලින් පැමිනීම හොදටම ප්‍රමාණවත්. හැබැයි එහෙම කියල පරක්කු වෙන්නනම් එපා. අඩුම ගානෙ ටිකක් විතර කලින් ඇවිත් ලග තැනකට වෙලා ඉන්න කාර්යාලය ඇතුලට නම් යන්න එපා. මේ වගේ දේවල් වර්ඨමානය වන විට සම්මුඛ සාකච්ජාවකදි බොහොම වැදගත් විදියට බලන දේවල්. ඔබ එම කාර්යාලය ඇතුලත් වන ස්ඨානයේ සිටම ත්මන්ගෙ විනය රැකගන්න. මොකද ආරක්ශක නිලධාරියා පවා ඔබ ගැන විමසිලිමත්.

සම්මුඛ සාකච්ජාව පැවැත්වෙන කාමරය තුලට ගිය විට ඔබ නොසන්සුන් වන දෙය පුදුමයට කාරනයක්  නොවෙයි නමුත් ඒ බව නොපෙන්වා සිටීමට උත්සහ ගන්න. එහිදී සැලකිලිමත් විය යුතු කරුනු කිහිපයක් ගැන මම කියවපු පොතක සදහන් වුනා නමුත් ඒවා සි0හලට පරිවර්ඨනය කර ලිවීම ටිකක් විතර අපහසු නිසා මම ඒ තිබුන විදියට මෙහි සදහන් කරනව.

Don't.....
Cross or fold your arms.
Point finger when making a point.
Look down when speaking.
Sit too much of angle of an angle to the interviewer.

තව දුරටත් ඉදිය බලා ගෙන උරහිස කෙලින් තබා ගෙන පිළිතුරු දීම නිතරම සිනහවෙ යුතුව (අවශය ප්‍රමාණයට පමනක්) ප්‍රසන්නව සිටීමට උත්සහ ගන්න. එවිට ඔවුන් තුල ඔබ ගැන සුබවාදී චින්තනය පහල වේවි.
ඔබ සිතනවා ඇති අනේ මේ වගේ දේවල් ල්0කාවෙ බලන්නෙ නෑ කියල එය වැරදියි. මම පුද්ගලිකවම දන්න කාරනය තමයි මේවා අද ල0කාව තුල පවා බලන දේවල් කියලා. එම නිසා මේ දේවල් පිළිබදව සැලකිලිමත් වන්න. 

Monday, October 3, 2011

සම්මුඛ සාකච්ජාව පෙර සූදානම -before Interview (part 01)

රැකියාව කැදවලා සම්මුඛ සාකච්ජාවට කැදවූ පසු අප ඒ සදහා සැලසුමකට අනුව සූදානම් විය යුතුයි.  ඒ අනුව පෙර සූදානම් වීම මේ අනුව සකසා ගන්න පුලුවනි.

අපි ප්‍රඨමයෙන්ම කල යුත්තෙ අපි ඉල්ලුම් කර ඇති ආයතනය ගැන වැඩුදුර විස්තර සොයාගැනීම. එම ආයත්නය දැන් වෙළදපොල සිටින ස්ඨානය, එහි මූලික කොටස් කරැවන් කවුද යන වග. සමාජය තුල මේ සදහා ඇති ප්‍රගතිය යන කාරනා අපි ගොනු කර ගත යුතුය. මේ මගින් අපට ඔවුන්ට ඒත්තුගන්වන්න පුලුවන් අපි එම ආයතනය ගැන සැලකිලිමත් වූ බව.

අනෙක් ප්‍රධානම කාරනය වන්නෙ අපේ ඇදුම්. මොකද එය තමයි අප ගැන මුල්ම අර්ඨකඨනය දෙන්නෙ.
සම්මුඛ සාකච්ජාවට යනවිට ඇදුමක් තෝරා ගැනීමෙදී සැලකිලිමත්විය යුතු දේ බොහෝයි.  මේ අතරින් ස්ත්‍රි පාර්ශවය ගැන මුලින්ම බලමු.
බොහෝ වෙලාව ල්0කාවෙ අපි සාරි අදින්න ත්මයි පුරුදු වෙලා තියෙන්නෙ. ඒ නිසා සාරියක් තෝරා ගැනීමෑදි සැලකිලිමත් විය යුතු දේ වන්නේ, ලා පැහැයට හුරු සහ ඇස්වල ප්‍රියමනාප තෝරා ගැනීමට සැලකිලිමත් විඅයයුති. තද රතු, තද තැඹිලි සහ විශේශයෙන්ම කලු පැහැයෙන් වැලකියයුතුය. අනික ත්මයි මගුල් ගෙදරක යන ආකාරයට ආභරණ නොපැලට්දිය යුතුයි. බොහොම චාම් ආකරයට සැරසිය යුතුයි. කොන්ඩ විලාසිතාවද බොහොම චාම් විඅයයුතුයි. පාවහන් යුගයලයද තමන්ට බොහොම පහසු විය යුතුයි. මොකද මේ වගේ අවස්ඨාවන්හි අපි හැමෝම ටිකක් විතර කලබල සහ නොසන්සුන්වෙලා සිටින නිසා තමන්ට පහසු ආකාරයට සැරසීම බොහොම නුවනට හුරුයි.  

පිරිම පාර්ශවයටද ඉහත සදහන් කල වර්ණ ස0යෝග පොදු වනවා. නමුත් විශේශ කාරනයක් වන්නෙ බොහෝ වෙලාවට සුදු පැහැ ශර්ට් 1කට රතු පැහැ ටයි පටියක් පැලදීමෙන් ඔවුන්නෙ ඇති confident බව පෙන්වනවා කියල මේ අ0ශයේ බොහෝ විචාරකයනි පෙන්වලා දීලා තියෙනවා. බොහෝ වෙලාවට රෝස පැහැය වැනි සියුම් පැහැයන්ගෙන් වැලකී සිටීමද නුවණට හුරු වෙනවා. අනෙක් ප්‍රඩ්ධානම කාරනය වන්නෙ පලදින සපත්තු බොහෝම professional විය යුතුයි.

මීට අමත්‍රව දෙපාර්ශවයම තමන්ගෙ සුදුසුකම් පෙන්වන සහතික ගොනුව බොහොම සිත් ඇදගන්නා සුලු ආකාරයෙන් සලසාගත යුතුයි. ඒ තුලින් ඔබේ සූදානම් වීම මනාව පෙන්වනවා. 

මෙනන මේ වගේ කාරනා අපි වඩා ග්‍රහනය කරගෙන ගියොත් අපි මේ තනතුරට සුදුසුම පුත්ගලය කියලා පෙන්වන්න පුලුවන්.



Wednesday, September 28, 2011

රැකියාවකට ඉල්ලුම් කිරීම

අපි හැමෝගෙම අරමුණ රැකියාවක් සොයා ගැනීම නිසා මම හිතුවා රැකියාවක ඉල්ලුම් කරන්නේ කොහොමද කියල කියන එක හොදයි කියලා.
රැකියා වෙළදපොලේ රැකියාවන්ට ඉල්ලුම් කරන කොටස් 3ක් හදුනා ගන්න පුලුවන්. එ අය වෙන්නෙ,

01)අලුතෙන්ම ඉල්ලුම් කරන අය. (new/fresh graduate.)
02)තමන්හෙ රැකියාව වෙනස් කරන අය. (job changer)
03)තමන්ගෙ රැකියාව ස්වභාවය වෙනස් කරන අය. (career changer)

මේ 3න් කොට්ටාශයෙන් අලුතෙන්ම රැකියවක් හොයන අයට න්ම් ටිකක් දුශ්කරතා වලට මුහුන දෙන්න වෙනවා. ඒ කොහොම වෙතත් මේ සියලු දෙනාටම රැකියවක් ලබාගැනීමට නම් රැකියාවකට ඉල්ලුම් කිරීමට සිදුවෙනවා. තේරෙන සි0හලෙන් කියනවා නම් අපිට CV 1ක් යවන්න වෙනාවා. 
මෙහෙම යවන වර්ග 02ක් තිබෙනවා . ඒවා නම්,
01)Chronological CV.
02)Functional CV.

මේව සි0හලෙන් කියන නම් මම දන්නෙ නෑ.
Chronological CV කියන්නෙ ත්මන්ගෙ අත්දැකීම් ගොනු කරලා සහ ඒවාට මුල්තැන දීලා හදන CV වලට. මේවා ගොනු කරන්න අවශයය වන්නෙ වර්ඨමාන කාලයේ සිට අතීතය දක්වා . මේ ගනයේ CV හදන්නෙ ටිකක් විතර ඉහල පැලැන්තියේ රැකියා ඉල්ලුම් කිරීම සදහා. මොක්ද ඒ සදහා අවශයය වන්නෙ අත්දැකීම් බහුල අය නිසා.
හැබැයි මෙත්නදි අපි වඩාත් සැලකිලිමත් වනන ඔන දෙයක් වන්නෙ අපිට කොතරම් අත්දැකීම් තිබුනත් අපි සදහන් කරපු තැන් වල අපි ඉහල දක්ශතා පෙන්වලා තිබෙන්න ඔන. එසේ නොමතිව අපි ආසන්න කාලයේ වැඩ කරපු තැන දැන් බ0කොලොත් වෙලා නම් එය වැඩක් වෙන්න නෑ.

 මෙහි දෙවන වර්ගය වන්නෙ Functional CV. මේක තමයි අපට වැදගත් වන වර්ගය ඒ කියන්නෙ අත්දැකීම් අඩු අයට හදන CV විදිය. මෙහිදී අපි ප්‍රධාන කොට ඉස්මතු කර පෙන්වන්න අවශයය වන්නෙ අපේ ඇති සුදුසුකම් සහ කුසලතා සහ අප ලබා තිබෙන ජයග්‍රහණ. මොකද අප ඇති අත්දැකීම් මදි කම නිසා. 

මේ නිසා රැකියාවක ඉල්ලුම්  කිරීමේ දි අපි මේ කරුනු ගැන සැලකිලිමත් විය යුතුයි.

මෙන්න මේ වලින් අපට Chronological CV ටිකක් ගන්න පුලුවන්. 

http://office.microsoft.com/en-us/templates/chronological-resume-traditional-design-TC006091523.aspx
http://jobsearch.about.com/od/cvsamples/a/blsamplecv.htm

මෙතනින් Functional CV,
http://office.microsoft.com/en-us/templates/functional-resume-vertical-design-TC006285184.aspx

http://free-resume-downloads.com/functional-resume.html

Template by:

Free Blog Templates