Wednesday, October 5, 2011

සම්මුඛ සාකච්ජාවට මුහුණ දීම (facing an interview part 02)

අපි පෙර කඨා කල සියලුම කරුනු සම්මුඛ සාකච්ජාවට පෙර සූදානම් වීම. නමුත් අපි මොන විදියට සූදානම් වී ගියත් එම ස්ඨානයට ගිය විට ඇතිවන අමුතු අකාරයේ බය නැති කර ගැනීම නම් ටිකක් විතර අපහසුයි. එය ස්වභාවිකයි. එම නිසා සම්මුඛ සාකච්ජාව තුල කල යුතු සහ නොකල යුතු දේ මොනවද කියල හදුනා ගැනීම වදගත්.

මේ අතරින් නොකල යුතු දේ මුලින්ම හදුනා ගමු.

ප්‍රධානම දේ තමයි නියමිත වෙලාවට කලින් ගොස් වට පිට බල බලා නොසිටීම. තමන්ට සදහන් කර ඇති වෙලාවට විනාඩි 5ට විතර කලින් පැමිනීම හොදටම ප්‍රමාණවත්. හැබැයි එහෙම කියල පරක්කු වෙන්නනම් එපා. අඩුම ගානෙ ටිකක් විතර කලින් ඇවිත් ලග තැනකට වෙලා ඉන්න කාර්යාලය ඇතුලට නම් යන්න එපා. මේ වගේ දේවල් වර්ඨමානය වන විට සම්මුඛ සාකච්ජාවකදි බොහොම වැදගත් විදියට බලන දේවල්. ඔබ එම කාර්යාලය ඇතුලත් වන ස්ඨානයේ සිටම ත්මන්ගෙ විනය රැකගන්න. මොකද ආරක්ශක නිලධාරියා පවා ඔබ ගැන විමසිලිමත්.

සම්මුඛ සාකච්ජාව පැවැත්වෙන කාමරය තුලට ගිය විට ඔබ නොසන්සුන් වන දෙය පුදුමයට කාරනයක්  නොවෙයි නමුත් ඒ බව නොපෙන්වා සිටීමට උත්සහ ගන්න. එහිදී සැලකිලිමත් විය යුතු කරුනු කිහිපයක් ගැන මම කියවපු පොතක සදහන් වුනා නමුත් ඒවා සි0හලට පරිවර්ඨනය කර ලිවීම ටිකක් විතර අපහසු නිසා මම ඒ තිබුන විදියට මෙහි සදහන් කරනව.

Don't.....
Cross or fold your arms.
Point finger when making a point.
Look down when speaking.
Sit too much of angle of an angle to the interviewer.

තව දුරටත් ඉදිය බලා ගෙන උරහිස කෙලින් තබා ගෙන පිළිතුරු දීම නිතරම සිනහවෙ යුතුව (අවශය ප්‍රමාණයට පමනක්) ප්‍රසන්නව සිටීමට උත්සහ ගන්න. එවිට ඔවුන් තුල ඔබ ගැන සුබවාදී චින්තනය පහල වේවි.
ඔබ සිතනවා ඇති අනේ මේ වගේ දේවල් ල්0කාවෙ බලන්නෙ නෑ කියල එය වැරදියි. මම පුද්ගලිකවම දන්න කාරනය තමයි මේවා අද ල0කාව තුල පවා බලන දේවල් කියලා. එම නිසා මේ දේවල් පිළිබදව සැලකිලිමත් වන්න. 

0 comments:

Post a Comment

Template by:

Free Blog Templates