Monday, January 30, 2012

කුස පබා බැලිමි.....

කාලෙකට පස්සෙ සෙනසුරාදා උදෙන්ම ලෙක්චර්ස් යන්න ලැහැස්ති වුනා. ඹන්න ඉතින් පුදපු ගමන්ම කාපි යකා කියල  අද ලෙක්චර්ස් නෑ කියල පනිවිඩයක් ආවා. අපෝ අද ලෙක්චර්ස් යන්නම ඹ්න දවසක්. මෙකද කොහොම හරි හවස් වෙනකන් දවස ගත කරන්නත් ඹ්න. ඹන්න ඉතින් මගෙ පුන්චි මොලේට ආව අදහසක් කුස පබා චිත්‍රරපටිය බලන්න යමු කියල. ඒ ගමන් හතර වටේට ඇමතුම් දීල අපේ ගැහැණු ළමයි ටිකකුත් එකතු කරගෙන ගියා චිත්‍රරපටි ශාලාවට.
වැඩේ කියන්නෙ එතකොට වෙලාව 1.00 විතර චිත්‍රරපටිය පටන් ගන්නෙ 2.30ට. පැයකටත් වැඩිය ඉතුරුයි. දැන් මොකද කරන්නෙ ලග තියෙන කඩයකට වෙලා 2.00 විතර වෙනකන් ඉතින් ඹ්පයක් කිය කිය හිටිය.


දැන් තමයි චිත්‍රරපටිය ගැන කියන්න යන්නෙ. ඇත්තටම කුස පබා කියන්නෙ 2012 වර්ෂයේ සිංහල සිනමාවට දුන්නු හොද ආරම්භයක්.චිත්‍රරපටිය පසුබිම් වෙලා තිබෙන්නෙ ඉංදියාව කේන්ද්‍ර කරගෙන වීම නිසා පූඡා උමා ශංකර් පබාවතීගේ චරිතයට ඉහලම ආකාරයෙන් ගැලපෙනවා කියලයි මගේ හැගීම.ඇය පිටරටක කෙනෙක් කියා කෑ ගැසුවත් ඇය තුලින් මට පෙනෙන්නේ සැබෑ ශ්‍රී ලාංකීය බවක්.


චිත්‍රරපටිය නැරබීමට කලින් නම් ජැක්සන් ඇන්තනී මොකට ගත්තා යැයි සිතුනත් චිත්‍රරපටිය නැරබූ පසු නම් සිතෙන්නේ එම රංගනය වර්ථමානයේ සිටින සීනිබෝල නඑවන්න කලහැකිද යන්නයි.
චිත්‍රරපටියහි හැඩ ගැන්වීම ඉහලම ආකාරයෙන් සිදු වී තිබුනි.මෙහි මාගේ සිත් ගත්ම කොටස වූයේ “කැවුම් සොරකම විදහා දැක්වුනු කොටසයි“ එය සැබැවින්ම එකල අතීත ඉංදීය ජන ක්‍රමය සිහි ගන්වන්නක් විය.


සැබෑ සිංහල චිත්‍රරපටියක රසවින්දනය ලබා දුන් මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිදුනි ඹබට ස්තුතියි... 

Saturday, January 14, 2012

මම නිදහස් අධ්‍යාපනය ලබන්නෙමි ඹබ.....?







මේ උඩින් දැක්වෙන්නෙ මගේ විශ්වවිද්‍යාල සගයෙක්(බුද්ධික) මූනු පොතට දාපු පෝස්ට් 1ක්. මම මේ කථා කරන්නෙ කිසිම දේශපාලනයක් ගැන නෙවෙයි නමුත් සුවහසක් වූ අපේම දූප්පත් දෙමාපියන්ගෙ දරැවන්ගෙ අනාගතය ගැන.සමහරු නම් කියන්නෙ මේකට  විශ්වවිද්‍යාල ළමයි බොරුවට උඩ පනිනව කියල. ඇත්තටම හිතල බැලුවොත් මේකට අපි මෙච්චරම විරුද්ද ඇයි,අපිට නම් තව මාස කිහිපයකින් උපාදිය ලැබෙනවා. ඉතින් අපට මොකටද මේක.නමුත් අපි මේ කෑ ගහන්නෙ අනාගතයේ සිද්ද වෙන්න යන විනාශය පේන නිසා.

අපේ රටේ මිනිස්සු හිතන්නෙ අනේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම කොච්චර් හොදද අපේ ළමයින්ටත් යන්න පුලුවන්නෙ කියල.ලක්ශ 65ක් දීලා තමන්නෙ ළමයව දොස්තර මහත්තයෙක් කරන්න පුලුවන්ද කියල හිතෙන්නෙ නෑ.කමක් නෑ ගෙවල් දොරවල් උගස් කරල හරි උගන්නනවා කියල හීන මාලිගා තනනවා. වර්ථමානයේ නිකන් දෙනවා කියන අධ්‍යාපනය ගන්නත් අපේ ළමයි කීදෙනෙක්ගෙ නම් දෙමාපියන් තමන්ගෙ ගෙවල් දොරවල් උගස් කරල ඇත්ද? එහෙවු එකේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න එක ගැන මොන කථාද...

අපේ රටේ බහුතරයක් වූ විශ්වවිද්‍යාල නොගිය පරපුර සුලුතරයක් වූ විශ්වවිද්‍යාල තුල සිටින පරපුර ගැන බලන්නෙ වපර ඇහෙන්. අපි කියන්නෙ නෑ උපාධිදාරන් නිසා තමයි මේ රට රදා පවතින්නෙ කියල , තේ දළු නෙලන්නියගෙ ඉදලා ඉහල පෙල කළමණාකරැ දක්වාම මේ රට සංවර්ධනයට දායකත්වයක් සපයනවා.  නමුත් විශ්වවිද්‍යාල පරපුර කියන්නෙ මේ රටේ සංවර්ධනයට අගය එකතු කිරීමට පුහුණු කරන ලද කොටස. ඹබ ඹවුන්ව අගය නොකලත් ඹවුන්ව රැක ගැනීව වත් කල යුතුයි.මොකද අද අපි ඉන්න තැන හෙට ඹබේ ළමයි ඉන්න පුලුවන් නිසා.

මගේ විරුද්දත්වය ලංකාවට තුල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබදව නෙවෙයි,නමුත් ඒවායේ ඇති ප්‍රමිතිය පිළිබදවයි.මේ තුලින් උසස් පෙළ තියා සාමාන්‍ය පෙළ වත් පාස් නැති නූගතුන් රඡ වීම වැලැක්වීමටයි. මේ රටේ ඉහල තැන් වල වැඡබෙන කුඩු කාරයාගේ සිට කසිප්පු කාරයා දක්වා හොරුන්ගේ ළමයි සල්ලි දී හොර දොස්තරලා,ඉංඡිනේරුවෝ වන විට අහින්සක දෙමාපියන්ගෙ උගත් දරැවන් ඹවුන්ගේ දෙපා ලෙවකන වසලයන් වීම වැලැක්වීමට ඹබත් එකතු විය යුතු කාලයයි. අපේ විරුද්දත්වය විශ්වවිද්‍යාලට තේරීමට ලකුණක් දෙකක් මදි වී පෞද්ගලික විශ්වවිද්‍යාලට ගොස් තම උපාධිය සම්පූර්න කර ගන්නා සහෝදරයන්ට නොවෙයි.

අපේ මිනිස්සු හිතන්නෙ අපි විශ්වවිද්‍යාල වලට වෙලා නිකන් දෙන සල්ලි කකා ඹහේ ඉන්නවා කියලා. මේවට ඉතින් අපේ මාධ්‍යත් වග කියන්න ඹ්න. මොකද ඉතින් ඹවුන් නාට්‍යයක් පෙන්නුවත් ,වෙනත් වැඩසටහනක් කලත් පෙන්වන්නෙ කෝලහාල විතරනෙ. අපි ඉගෙන ගන්න විදිය, පාඩම් කරන විදිය සහ අනෙකුත් සමාඡ ක්‍රියාකාරකම් පෙන්වන්නෙ නෑ. අපි මේක ගොඩ දා ගන්න විදින දුක පෙන්වන්නෙ නෑ. කමක් නෑ අපිට ඒ ගැන දුකක් නෑ ඒත් දුක රටේ අනාගතය ගැන හිතෙනකොට දුකයි. ඒත් මොනවා කරන්නද නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. දැන් ඉතින් අපේ යාලූවා කීවා වගේ සතේ සතේ එකතු කර ගමු.  

Template by:

Free Blog Templates