Friday, October 14, 2011

ප්‍රථම දකුණු ආසියානු වෙරළ කීඩා උත්සවයේ දුටු අඩුපාඩු

ලංකාව ප්‍රථම දකුණු ආසියානු වෙරළ කීඩා උත්සවය මෙරට පැවැත්වීම අප රටට විශාල කීර්තියක්. තවද එහි කීඩා කටයුතු ඉතා ඉහල මට්ටමින් පැවැත්වීම කටයුතු කර ඇතිබව අපට දැක ගන්නට ලැබුනා. නමුත් වර්තමානය වන විට මෙවැනි ක්‍රිඩා උත්සවයක ප්‍රධාන ගය ලෙස  සලකන අංගයක් වන්නෙ එහි ආරම්භක සහ අවසන් අවස්තාවේ පවත්වන මනරම් උත්සවයයි.

මෙම ක්‍රිඩා උළලේ මම දැකපු අවාසනාවන්තම අංගයද වූයේ එයයි. මට අසන්නට ලැබුනු අකාරයට එහි නිර්මාණ දායකත්වය ලබාදි තිබුනේ පොලිස් අදිකාරීවරයකුය තවද මෙහි සියලුම ඉදිරිපත්කිරීම් පවා කරතිබුනේ ඔවුන් නැතිනම් ආරක්ශක අමාතයංශය විසිනි. ඇත්ටම එය බලා සිටින ඔනම අයකුට සිතෙන්නේ පොලිස් සහ හමුදා නිලදාරීනෙ විවිදප්‍රසංගයක් විලසටය. ඉතාම ප්‍රාඨමික මට්ටමෙ පැවති ඉදිරිපත් කිරීම් මෙවැනි ජාත්යන්තර උත්සවයකට එක්කර තිබුනේදැයි සිතා ගැනීමට මට නොහැකිවිය.

මෙවර පැවැත්වුනු ජාතික පාසල් ක්‍රිඩා උළලේ (මතක ඇති පමනට) මීට කිහිප ගුනයක් ඉහල මනරම් අංග එකතු කර තිබුනි.

කනගාටුවට කරුණ වන්නේ 2018 වසරේදි පොදු රදමඩුලු ක්‍රිඩා උළෙල මෙරටට ලබා ගැනීමට පෙරමං  තනන මොහොතක මෙවැනි සැලකිය නොහැකි ලෙස ස0විදායකයන්  ක්‍රියා කිරීමය. ලංකාව තුල මෙවැනි ක්‍රියා ඉසවු ස0විධනය කරන බොහෝ ආයතන තිබියදි , මෙවැනි වගකීම් විරහිත  වීම කල නොහැක්කකි. කිව යුතුම කරුනක් තිබේ එනම් ල0කාව තුල ක්‍රියාත්මක වන Reality show හි මීට සිවු ගුනයකින් ඉහල ප්‍රසංග පවත්වා ඇත. අමතක නොකල යුත්තේ පොදු රදමඩුලු ක්‍රිඩා උළෙල ලබාගැනීමේ අපගේ තරග කරුවා වන්නේ Australia යි. එනම් අප ඔවුන්ට වඩා ශක්තිමත් බව පෙන්වීමට අපට සිදුවනු ඇත . එවිට නොවැම්බර් 11 දින අපට එම අභිමානය මෙරට දිනාගත හැකිවනු ඇත.

අවසානයේ කිවයුත්තේ අනෙකුත් සියල්ල හොදින් සිදු වූ බවයි. මෙවැනි ක්‍රිඩා උළලෙක රස විද ගැනීමට හම්බන්තොට ජනතාවටද උරුමකම් හිමි වීම සතුටකි.

Sunday, October 9, 2011

Branding evolution

අපි ජීවත් වෙන්නෙ වෙනස් වන ලෝකයක් තුල මේ වෙනස් වීම වඩා ඉහල අන්දමින් බලපාන්නෙ business ලෝකයට. ඒ නිසා අපට business field 1කේ දිගුකාලීන රදා පැවතීමට නම් නිතරම වෙනස් කම් කිරීමට සිදුවෙනවා. මේ අතර බොහෝ වෙලාවට තමන්ගෙ trade mark 1ක වෙනස් කිරීම් දැක ගන්න පුලුවන්. මම අද පෙන්වීමට සූදානම් වන්නෙ එවැනි අකාරයට වෙනස් වීම් කරන ලද මුලු ලෝකයම හොදින් හදුනන logo වෙනස් වීම් කිහිපයක්.

  • මුලින්ම බලමු ලෝකයේ අ0ක 01 CocaCola සාමාගම් නාමය වෙනස් වූ අකාරය. 
  • shell gas වල brand name 1ක වෙනස් වූ අකාරය.

  • xerox වල trade mark වනස් වූ අකාරය.

  •  IBM හි trade name 1ක වෙනස් වුනේ මෙහෙමයි. 
  • අපි හැමෝගෙම මිතුරා Microsoft වෙනස් වුනේ මෙහෙමයි. 

  • Audi සමාගමත් මේ අකාරයට වෙනස් වීම් සිදු කලා. 

  • අපි හැමෝගෙම හීනය Mercedes Benz ලාගේ වෙනස් වීම.

  • Canon සමාගම සහ Nokia සමාගමත් වෙනස් වුනා. 


 මේ සියලු වෙනස් වීම් මේ අකාරයට සිදු වුනත් මේ සමාගම් සදහා ලෝකය පුරා තිබෙන ජනප්‍රියත්වයේ න අඩුවක් වී නෑ.

Friday, October 7, 2011

ලංකාවෙ අපට නම්............

  • EGB නැතිව කෑම එපා ...
                  මේ කඨාව අහපු අපේ ආච්චි කෙනෙක් කියපු කඨාවක් මත්ක් වුනා. "අනේ අපි නම් ඉස්සර ඔවා බීවෙ බ්ඩේ අමාරුවට " අළවිකරණයට(Marketing)  මොන තරම් දේවල් කරන්න පුලුවන්ද. බඩේ අමාරුවට  බීපු EGB දැන් බොන්නෙ fashion 1ට.

  • මට සන්ල්යිට් කෑල්ලක් දෙන්න   ....
                ඇයි කඩේ තියෙන්නෙ සන්ල්යිට් විතරමද .මේ අපේ මිනිස්සු පුරුදු වුන හැටි. අපූරු වැඩේ කියන්නෙ කඩේ මුදලාලි මහත්මයත් සන්ල්යිට් කියල ඉල්ලුවත් දෙන්නෙ කඩේ තියන එක තමයි ඒක වොන්ඩර් ලයිට් , නැතින වෙන මොකක් හරි ලයිට් 1ක්. හැබැයි ඊටත් වඩා පුදුම වැඩේ ත්මයි සන්ල්යිට් ඉල්ලපු කෙනා දෙන ඔනම දෙයක් අරගෙන යන 1ක . එයා සන්ල්යිට් කීවෙ නිකන් කට හුරුවට නිසා. 

              මේ කාරනයම තමයි පැනඩෝල් වලට තියෙන්නෙත්. මෙය මම දැකපු කාරනයක් , දිනක් කඩයට පැමිනි කාන්තාව පැනඩෝල් 02ක් ඉල්ලුවා මුදලාලි පැනඩෝල් 02ක් දුන් විට මට මේවා නෙවෙයි අර 02 කම එක මිලට තියෙන ඒවා දෙන්න කීවා(පැරසිටමෝල් ). 


  • ඉස්සර   එයාටත් cell-tel 1ක් තිබුනා. 
             මේක නම් අදට වලංගු නැති කඨාවක් ටිකක් විතර පරණ.  අපි අදුරන වසක ඇන්ටි කෙනෙක් (ආච්චි කෙනෙක්) ඉන්නවා එයා දවසක් අපේ අක්කට කියල (මීට වසර 3 ට විතර කලින්) ඉස්සර එයාගෙ මහත්තයටත් ඔය cell- tel 1ක් තිබුනා කියල. ඒ කාලෙ වන විටත් cell- tel ල0කාවෙන් ගිහිල්ලා. නමුත් ඔවුන් තමයි ල0කාවට මුලින්ම ජ0ගම දුරකඨන හදුන්වා දුන්නෙ ඉතින් ඒ කාලෙ මිනිස්සු ඔක්කොම ජ0ගම දුරකඨන වලට කීවෙ cell- tel කියල. තාමත් ඔය විදියට කියන මිනිස්සු දකින්න පුලුවන් . 

මේ හැම දෙයක්ම කියන්නෙ සන්නම් නාමයක් මිනිසුන්ගෙ හිත් වල ගොඩ නැගුනම එය මකන්න හරි අමාරුයි. එය මිනිසුන්ගෙ ජීවිතයෙ කොටසක් බවට පත් වනවා. නමුත් වර්ඨමානය වන විට මෙවැනි සන්නම් නාම ගොඩ නැගීම අපහසු කාරනයක්. මොකද ඒ කාලයෙ තිබුනෙ භාණ්ඩ වරග බොහොම අත්ලොස්සයි නමුත් අද වන විට මිනිසුන්ට ගැනිය නොහැකි සහ මතක තබා ගත නොහැකි ප්‍රමාණයට භාණ්ඩ තිබෙනවා. එම නිසා එවැනි සන්නම් නාම බිහිකිරීම අපහසුයි.

Wednesday, October 5, 2011

සම්මුඛ සාකච්ජාවට මුහුණ දීම (facing an interview part 02)

අපි පෙර කඨා කල සියලුම කරුනු සම්මුඛ සාකච්ජාවට පෙර සූදානම් වීම. නමුත් අපි මොන විදියට සූදානම් වී ගියත් එම ස්ඨානයට ගිය විට ඇතිවන අමුතු අකාරයේ බය නැති කර ගැනීම නම් ටිකක් විතර අපහසුයි. එය ස්වභාවිකයි. එම නිසා සම්මුඛ සාකච්ජාව තුල කල යුතු සහ නොකල යුතු දේ මොනවද කියල හදුනා ගැනීම වදගත්.

මේ අතරින් නොකල යුතු දේ මුලින්ම හදුනා ගමු.

ප්‍රධානම දේ තමයි නියමිත වෙලාවට කලින් ගොස් වට පිට බල බලා නොසිටීම. තමන්ට සදහන් කර ඇති වෙලාවට විනාඩි 5ට විතර කලින් පැමිනීම හොදටම ප්‍රමාණවත්. හැබැයි එහෙම කියල පරක්කු වෙන්නනම් එපා. අඩුම ගානෙ ටිකක් විතර කලින් ඇවිත් ලග තැනකට වෙලා ඉන්න කාර්යාලය ඇතුලට නම් යන්න එපා. මේ වගේ දේවල් වර්ඨමානය වන විට සම්මුඛ සාකච්ජාවකදි බොහොම වැදගත් විදියට බලන දේවල්. ඔබ එම කාර්යාලය ඇතුලත් වන ස්ඨානයේ සිටම ත්මන්ගෙ විනය රැකගන්න. මොකද ආරක්ශක නිලධාරියා පවා ඔබ ගැන විමසිලිමත්.

සම්මුඛ සාකච්ජාව පැවැත්වෙන කාමරය තුලට ගිය විට ඔබ නොසන්සුන් වන දෙය පුදුමයට කාරනයක්  නොවෙයි නමුත් ඒ බව නොපෙන්වා සිටීමට උත්සහ ගන්න. එහිදී සැලකිලිමත් විය යුතු කරුනු කිහිපයක් ගැන මම කියවපු පොතක සදහන් වුනා නමුත් ඒවා සි0හලට පරිවර්ඨනය කර ලිවීම ටිකක් විතර අපහසු නිසා මම ඒ තිබුන විදියට මෙහි සදහන් කරනව.

Don't.....
Cross or fold your arms.
Point finger when making a point.
Look down when speaking.
Sit too much of angle of an angle to the interviewer.

තව දුරටත් ඉදිය බලා ගෙන උරහිස කෙලින් තබා ගෙන පිළිතුරු දීම නිතරම සිනහවෙ යුතුව (අවශය ප්‍රමාණයට පමනක්) ප්‍රසන්නව සිටීමට උත්සහ ගන්න. එවිට ඔවුන් තුල ඔබ ගැන සුබවාදී චින්තනය පහල වේවි.
ඔබ සිතනවා ඇති අනේ මේ වගේ දේවල් ල්0කාවෙ බලන්නෙ නෑ කියල එය වැරදියි. මම පුද්ගලිකවම දන්න කාරනය තමයි මේවා අද ල0කාව තුල පවා බලන දේවල් කියලා. එම නිසා මේ දේවල් පිළිබදව සැලකිලිමත් වන්න. 

Monday, October 3, 2011

සම්මුඛ සාකච්ජාව පෙර සූදානම -before Interview (part 01)

රැකියාව කැදවලා සම්මුඛ සාකච්ජාවට කැදවූ පසු අප ඒ සදහා සැලසුමකට අනුව සූදානම් විය යුතුයි.  ඒ අනුව පෙර සූදානම් වීම මේ අනුව සකසා ගන්න පුලුවනි.

අපි ප්‍රඨමයෙන්ම කල යුත්තෙ අපි ඉල්ලුම් කර ඇති ආයතනය ගැන වැඩුදුර විස්තර සොයාගැනීම. එම ආයත්නය දැන් වෙළදපොල සිටින ස්ඨානය, එහි මූලික කොටස් කරැවන් කවුද යන වග. සමාජය තුල මේ සදහා ඇති ප්‍රගතිය යන කාරනා අපි ගොනු කර ගත යුතුය. මේ මගින් අපට ඔවුන්ට ඒත්තුගන්වන්න පුලුවන් අපි එම ආයතනය ගැන සැලකිලිමත් වූ බව.

අනෙක් ප්‍රධානම කාරනය වන්නෙ අපේ ඇදුම්. මොකද එය තමයි අප ගැන මුල්ම අර්ඨකඨනය දෙන්නෙ.
සම්මුඛ සාකච්ජාවට යනවිට ඇදුමක් තෝරා ගැනීමෙදී සැලකිලිමත්විය යුතු දේ බොහෝයි.  මේ අතරින් ස්ත්‍රි පාර්ශවය ගැන මුලින්ම බලමු.
බොහෝ වෙලාව ල්0කාවෙ අපි සාරි අදින්න ත්මයි පුරුදු වෙලා තියෙන්නෙ. ඒ නිසා සාරියක් තෝරා ගැනීමෑදි සැලකිලිමත් විය යුතු දේ වන්නේ, ලා පැහැයට හුරු සහ ඇස්වල ප්‍රියමනාප තෝරා ගැනීමට සැලකිලිමත් විඅයයුති. තද රතු, තද තැඹිලි සහ විශේශයෙන්ම කලු පැහැයෙන් වැලකියයුතුය. අනික ත්මයි මගුල් ගෙදරක යන ආකාරයට ආභරණ නොපැලට්දිය යුතුයි. බොහොම චාම් ආකරයට සැරසිය යුතුයි. කොන්ඩ විලාසිතාවද බොහොම චාම් විඅයයුතුයි. පාවහන් යුගයලයද තමන්ට බොහොම පහසු විය යුතුයි. මොකද මේ වගේ අවස්ඨාවන්හි අපි හැමෝම ටිකක් විතර කලබල සහ නොසන්සුන්වෙලා සිටින නිසා තමන්ට පහසු ආකාරයට සැරසීම බොහොම නුවනට හුරුයි.  

පිරිම පාර්ශවයටද ඉහත සදහන් කල වර්ණ ස0යෝග පොදු වනවා. නමුත් විශේශ කාරනයක් වන්නෙ බොහෝ වෙලාවට සුදු පැහැ ශර්ට් 1කට රතු පැහැ ටයි පටියක් පැලදීමෙන් ඔවුන්නෙ ඇති confident බව පෙන්වනවා කියල මේ අ0ශයේ බොහෝ විචාරකයනි පෙන්වලා දීලා තියෙනවා. බොහෝ වෙලාවට රෝස පැහැය වැනි සියුම් පැහැයන්ගෙන් වැලකී සිටීමද නුවණට හුරු වෙනවා. අනෙක් ප්‍රඩ්ධානම කාරනය වන්නෙ පලදින සපත්තු බොහෝම professional විය යුතුයි.

මීට අමත්‍රව දෙපාර්ශවයම තමන්ගෙ සුදුසුකම් පෙන්වන සහතික ගොනුව බොහොම සිත් ඇදගන්නා සුලු ආකාරයෙන් සලසාගත යුතුයි. ඒ තුලින් ඔබේ සූදානම් වීම මනාව පෙන්වනවා. 

මෙනන මේ වගේ කාරනා අපි වඩා ග්‍රහනය කරගෙන ගියොත් අපි මේ තනතුරට සුදුසුම පුත්ගලය කියලා පෙන්වන්න පුලුවන්.



Template by:

Free Blog Templates