Friday, April 27, 2012

මුහුද මැදින්..........


මුහුද ආසන්නයේ  වාසය කරන්නකු වුවත් මගේ ජීවිතයේ බයම තැන් වලින් එකක් තමයි මුහුද කියන්නේ. එය විටෙක හරිම නිහඩයි රැලි නගන්නෙ නැති තරම්, විටෙක හරිම සැඩයි ගෝශාකාරීයි, ගැබුරුයි අවසානයක් නොපෙනෙන තරම් විශාලයි. ඒත් අපූරුම කාරනය වන්නෙ කොච්චර බය වුනත් ගියාම එන්න හිතෙන්නෙම නෑ.


අද නම් කියන්න යන්නෙ 2012.04.15 වෙනිදා ගිය ගමනක් ගැන. මේ අපේ පැත්තේ අලුතින්ම හදන වරාය. දැනට වැඩ පටන් අරන් මාස ගනනක් ගෙවිල ඉවරයි. අලුත් අවුරුද්දට සේවකයන් නිවාඩු ගිහිපු නිසා අපි ගිය දවසේ නම් වැඩ නෑ. ඒක නිසා නිදහසේ ඇවිදින්න පුලුවන් වුනා. පසුගිය වර්ෂ ගනනාවෙම ධීවරයන්ට  අඩුපාඩුවක් වූ දෙයක් තමයි මේ වරාය. මෙහි වැඩ ඉවර වුනාට පස්සෙ ඹවුන්ට ඹවුන්ගෙ ධීවර යාත්‍රා මෙහිම නවතා තබන්න පුලුවන්ලු.


ඇත්තටම වරායකින් සිදු වන්නෙ විශාල වශයෙන් රළ ගැසීම නවත්වන තටාකයක් තැනීම. මෙම තටාකය ගැබුරට හාරල ධීවර යාත්‍රා නවත්වන්න පුලුවන් විදියට සකසනවා. එවිට ධීවරයන්ට තමන්ගෙ  යාත්‍රා මෙහි අවධානමකින් තොරව නැංගුරම් ලන්න පුලුවන්. මෙහිදී විශාල ගල් වැටි යොදා තටාංගනයක් වගේ බදිනවා. බැලූ බැල්මට නම් පේන්නෙ කුඩා ආකාරයට නමුත් ලගට ගියාම තමයි විශාලත්වය වැටහෙන්නෙ.




ගොඩ බිම ඉදලා 300  ක් පමන මුහුද තුලට ගල් අතුරලා හදපු මාර්ගයක් වගේ. දැන් අපි යන්න හදන්නෙ ඒක දිගේ. මේක ටිකක් මුහුද මැදින් ගමනක් යනවා වගේ වැඩක්. සුළං ටිකක් වතර සැරයි. මෙය අවදානම් සහිත ගමනක් නොවුනත්, පරිස්සමින් ගමන් කල යුතු වනවා.


බැම්ම දිගේ 200  ක් විතර ඇවිදගෙන ආපු අපට ලොකුම අභියෝග වූයේ ඇස් නිලංකාර කරන අවු රශ්මිය. අවසාන කෙලවර පෙනෙන මානයේ වුවත් අප නැවත හැරී ඒමට තීරනය කලේ සුළං සමග උඩට ගසන මුහුදු රළ අපව තෙත් කිරීමට තරම් ශක්තිමත් වූ නිසා. මේ ස්ථානය ගම්මු නම් හදුන්වන්නෙ පරෙවි තුඩුව කියා.


ආව වගේම දුරක් ගෙවා නැවත පැමිනි අපට බැම්මට නැග්ග තැනින් ආපසු බැස ගැනීම ට්කක් වතර දුශ්කර විය.
පහත තියෙන්නෙ ගමනෙදි එකතු ලස්සන ඡායා රූප කිහිපයක්....







Sunday, April 1, 2012

ජීවිතය ඉගෙන ගැනීම

ගෙඩක් දවසකට පස්සෙ තමයි අලුත් ලිපියක් ලියන්න හිතුනෙ, පහු ගිය දවස් වල තිබුන විභාග වැඩ කටයුතුත් එක්ක මේ වැඩ ටිකක් කල් දාන්න වුනා.

කැම්පස් 1න් , බෝඩින් ජීවිතයෙන් මිදිල ටික කාලයක් මේ අඑත් අවුරුද්දත් එක්ක ගත කරන්න පුලුවන්. ඇත්තටම ගෙදර ආවම දැනෙන්නෙ පුදුම නිදහසක්, ඒත් ඒක ටික දවසකට විතරද?

මම පුංචි කාලයේම ඉදල ටිකක් ඉක්මනට තරහ යන කෙනෙක්, වැඩියෙන්ම තරහ යන්නෙ ගෙදර අය එක්ක. මොනව කරන්නද ගෙදර බාලයානෙ හැම දෙයක්ම කොහොම හරි ලබා ගන්න තමයි බලන්නෙ.
විශ්ව විද්යාල ජීවිතය මගේ ජීවිතයේ හැම වැරුද්දක්ම  හදාගන්න මග පෙන්වනවා. බෝඩිම් ජීවිතය මේ හැම වැරුද්දක්ම හදා ගන්න උදව් කරනවා. බෝඩිමේ මිතුරියන් 7 දෙනෙක් එක්ක කාලය ගත කරන කොට අපට එකි නෙකාගෙ වැරදි තේරුම් යනවා අපි බොහෝ වේලාවට ඒවා කථා බහ කරනවා. එක්කෙනෙක්ට තරහ ගියාම අනිත් අය එයාගෙ තරහ නිවෙනකන් ඉන්නවා. ජීවිතයේ දුක සැප එකට බෙදා ගන්නවා.


මම මගේ ජීවිතයට බෝඩිම් ජීවිතයෙන් එකතු කර ගත්ත දේ බොහෝයි. මට අද ඉස්සර වගේ නෙවෙයි තරහ යනවා බොහොම අඩුයි. තරහ යන දෙයක් වුනාම එය ගනන් නොගෙන ඉන්න උත්සහ කරනවා. සමහර ප්‍රශ්ණ වලට පිලිතුර නිශ්ශබ්ද තාවය කියල මම තේරුම් ගත්තේ බෝඩිම් ජීවිතයෙන්.

මම අහල තිබුනා ජීවිතය අපිව සමහර සංදිස්තාන වලට ගෙනියනවා අපි කවදාවත් නොහිතන ආකාරයට, මගේ ජීවිතයේ බෝඩිම් ජීවිතය තමයි ඒ සංදිස්තානය. ඹබ මට ජීවිතය ඉගැන්වුවා........

Template by:

Free Blog Templates