Sunday, November 27, 2011

Copy කිරීම

‍ලෝකයේ කොපමන COPY right ආරක්ශා කිරීමෙ පනත් සමීමත වෙලා තිබුනත් ඒවා කඩ කිරීමුත් අපට සෑම විටම අසන්න ලැබෙනවා.

ඉහත පෙන්නුම් කරන්නෙ ලෝක ප්‍රසිද්ධ BMW Logo ඒ අකාරයෙන්ම Copy කල අවස්තාවක්.

PUMA වෙනුවට ආව FDUM සහ PUNX.

Mazda වගේම ආව Ha/ma.

මේවා අපට දැක ගන්න ලැබෙන්නෙ විදේශ වෙළදපොලෙන් නමුත් අපට මෙවැනි දේ ලංකාවෙත් දකින්න පුලුවන්. උදාහරණයක් විදියට ,
  • Sunlight වෙනුවට Wonderlight, Hirulight වගේ දේවල්.
  • Sidhalepa වෙනුවට Sahanalepa.
copy කිරීම නම් හැම තැනම් වෙනවා. පහුගිය කාලයේ ලංකාවට ආපු Reality Shows ගොඩක් පිටරටින් කොපි කරපුවා.
 ඉංදියාවේ "Little Champs" වෙනුවට ලංකාවේ "Dearana Little Star".




 ඉංදියාවේ "kon banegi korolpathi" වැඩසටහන වෙනුවට ලංකාවේ "ඹබද ලක්ෂපති මමද ලක්ෂපති" සහ "DFCC Mind Star".

ලෝකෙ පුරා ඉන්නෙ එක එක විදියට copy කරන අය. පහත දැක්වෙන වාහන Model ඒ ආකාරයෙන්ම වෙනස් පාට වලින්  copy කරල.













අපට මේ copy කිරීම් බහුල වශයෙන් films වලද දකින්න පුලුවන්. ලංකාවෙත් අතීතයේ මෙන්ම වර්ථමානයෙත් copy කරපු සිංහල films දකින්න පුලුවන්. අතීතයේ ගෙඩක් ගීත පවා ඉංදීය filmsගීත වලට  අනුකරන විදියට ගහපුවා. අද සිනමා පරපුර මෙවැනි දේ පවා දකින්න පුලුවන්.


 copy කිරිම සෑම විටම වැරදි දෙයක් නොවුනත් එය අපට ගැලපෙන ආකාරයට කිරීමට අප මතක තබා ගත යුත්තක් වනවා.  copy කිරීමට වඩා අලුත් දෙයක් කිරීම තමයි වැදගත්. නමුත් මේ සියල්ල ලංකාවට ගැලපෙන ආකාරයට කල අයත් මේ අතර සිටියා.මේකෙන් කියන්නෙ නෑ මම  copy කරන්නෙ නෑ කියල. මාත් ඹය ඉදල හිටල  copy කරනවා.

.

Thursday, November 3, 2011

වර්ථමානයේ අපේ රටේ ටෙලිනාටයය

මම අද කථා කරනෙ සුලු ප්‍රමාණයක් වූ ඉහල මට්ටමේ තිබෙන ටෙලි නාටයය ගැන නෙවෙයි බහුතරයක් වූ පහළ මට්ටමේ ඇති ඒවා ගැන.ප්‍රධාන වශයෙන් අද ඇති ටෙලි නාටයය යථාර්ථය ග්‍රහණය කරන්නෙ නැති බව පේන්න තිබෙනවා. හැම එකක්ම බැලුවම  පේන්නෙ "අනේ මේ ලංකාවද කියල හිතෙනවා" . හැම එකකම තියෙන්නෙ ලොකු ගෙවල්, නවීන පන්නයේ වාහන , අලංකාර ඇදුමින්  සැරසුන අය සහ විවිධ වර්ගයේ කෑම බීම. අනේ දැක්කම හරි ආස හිතෙනවා.

අද නැතුවම බැරි චරිත

  • විකටයෙක්
  •  ඇමති කෙනෙක්
  •  ඉහළ පෙලේ සල්ලිකාර පවුලක් 
  •  දුශ්ටයෙක්
  • ගුරුකම් කරන කෙනෙක් 

ටෙලි වල ගොඩක් අය ආදරය කරන්නෙ facebook හරහා, යන්නෙ hybrid car වල , කන්නෙ ඉහල පෙළේ හෝටල් වලින්, ඉන්නෙ ටෙඩි බෙයාලා පිරුනු කාමර වල , අදින්නෙ ඇග වත් වැහෙන්නෙ නැති ඇදුම් සහ කතා කරන්නෙ ලක්ශය ගනන් වලින්. අනේ මේ ලංකාවට   මොකද මේ වුනේ.

හැම ටෙලියකම වගේ පවුලේ  ගෘහ මූලිකයා වන පියා නමට පමනක් සීමා වෙලා.පියා රගපාන්නෙ විකටයගෙ චරිතය, ඔහු මුඑ පවුලටම විහිලුවක් වෙලා. මේවා බැලුවම  ඔලුව අවුල්  වෙනවා. කවදාවත් දැකලා නැති නවක තරු , අම්මා දුවගෙ වයසෙ දුව අම්මගෙ වයසෙ. අගය කරන්න පුලුවන් වර්ගයේ නිර්මාණ බිහිවන්නෙ අතලොස්සයි ඒවාටත් නිසි ඇගයීමක් නෑ හැම තැනම විකිණෙන්නෙ බොරුව. යථාර්ථය පෙන්වන විදියෙ එකක් කලොත් එය පෙන්වීමට විකාශණ කාලයක් වෙන්කර ගැනීම පවා අපහසු යුගයක්. මින් පෙර නම් රජයේ රූපවාහිනි ම්මේ වගකීම ඉටුකරනවා අපට දක ගන්න ලැබුනා. නමුත් වර්ථමනය වන විට ඔවුනුත් මේ වගකීම පැහැර ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නෙ.


Template by:

Free Blog Templates