Friday, October 7, 2011

ලංකාවෙ අපට නම්............

  • EGB නැතිව කෑම එපා ...
                  මේ කඨාව අහපු අපේ ආච්චි කෙනෙක් කියපු කඨාවක් මත්ක් වුනා. "අනේ අපි නම් ඉස්සර ඔවා බීවෙ බ්ඩේ අමාරුවට " අළවිකරණයට(Marketing)  මොන තරම් දේවල් කරන්න පුලුවන්ද. බඩේ අමාරුවට  බීපු EGB දැන් බොන්නෙ fashion 1ට.

  • මට සන්ල්යිට් කෑල්ලක් දෙන්න   ....
                ඇයි කඩේ තියෙන්නෙ සන්ල්යිට් විතරමද .මේ අපේ මිනිස්සු පුරුදු වුන හැටි. අපූරු වැඩේ කියන්නෙ කඩේ මුදලාලි මහත්මයත් සන්ල්යිට් කියල ඉල්ලුවත් දෙන්නෙ කඩේ තියන එක තමයි ඒක වොන්ඩර් ලයිට් , නැතින වෙන මොකක් හරි ලයිට් 1ක්. හැබැයි ඊටත් වඩා පුදුම වැඩේ ත්මයි සන්ල්යිට් ඉල්ලපු කෙනා දෙන ඔනම දෙයක් අරගෙන යන 1ක . එයා සන්ල්යිට් කීවෙ නිකන් කට හුරුවට නිසා. 

              මේ කාරනයම තමයි පැනඩෝල් වලට තියෙන්නෙත්. මෙය මම දැකපු කාරනයක් , දිනක් කඩයට පැමිනි කාන්තාව පැනඩෝල් 02ක් ඉල්ලුවා මුදලාලි පැනඩෝල් 02ක් දුන් විට මට මේවා නෙවෙයි අර 02 කම එක මිලට තියෙන ඒවා දෙන්න කීවා(පැරසිටමෝල් ). 


  • ඉස්සර   එයාටත් cell-tel 1ක් තිබුනා. 
             මේක නම් අදට වලංගු නැති කඨාවක් ටිකක් විතර පරණ.  අපි අදුරන වසක ඇන්ටි කෙනෙක් (ආච්චි කෙනෙක්) ඉන්නවා එයා දවසක් අපේ අක්කට කියල (මීට වසර 3 ට විතර කලින්) ඉස්සර එයාගෙ මහත්තයටත් ඔය cell- tel 1ක් තිබුනා කියල. ඒ කාලෙ වන විටත් cell- tel ල0කාවෙන් ගිහිල්ලා. නමුත් ඔවුන් තමයි ල0කාවට මුලින්ම ජ0ගම දුරකඨන හදුන්වා දුන්නෙ ඉතින් ඒ කාලෙ මිනිස්සු ඔක්කොම ජ0ගම දුරකඨන වලට කීවෙ cell- tel කියල. තාමත් ඔය විදියට කියන මිනිස්සු දකින්න පුලුවන් . 

මේ හැම දෙයක්ම කියන්නෙ සන්නම් නාමයක් මිනිසුන්ගෙ හිත් වල ගොඩ නැගුනම එය මකන්න හරි අමාරුයි. එය මිනිසුන්ගෙ ජීවිතයෙ කොටසක් බවට පත් වනවා. නමුත් වර්ඨමානය වන විට මෙවැනි සන්නම් නාම ගොඩ නැගීම අපහසු කාරනයක්. මොකද ඒ කාලයෙ තිබුනෙ භාණ්ඩ වරග බොහොම අත්ලොස්සයි නමුත් අද වන විට මිනිසුන්ට ගැනිය නොහැකි සහ මතක තබා ගත නොහැකි ප්‍රමාණයට භාණ්ඩ තිබෙනවා. එම නිසා එවැනි සන්නම් නාම බිහිකිරීම අපහසුයි.

1 comments:

Anonymous said...

සන්නම් නාමයක් මිනිසුන්ගෙ හිත් වල ගොඩ නැගුනම එය මකන්න හරි අමාරුයි.ඒ තමයි මාර්කටින් කියන්නෙ

Post a Comment

Template by:

Free Blog Templates