Thursday, May 31, 2012

වාහනයේ ආරක්ශක පටි පැලදීම

මම විනෝදාංශයක් වශයෙන් කරන්නෙ ලෝකයේ විවිධ රට වල ජනප්‍රිය වූ වෙළද දැන්වීම් එකතු කිරීම. මේ අතර තිබූ දැනුවත් කිරීමේ වීඩ්යෝවක් තමයි මම අද පෙන්නන්න හදන්නෙ. මට මේක මතක් වුනේ ගිය මාසෙ මගේ බැජ් එකේ මිතුරියකට සිදු වූ රිය අනතුරකින් ඇය මිය යාමත්ය. තවද ඒ අවස්ථාවේ සිටි අනිත් කෙනා බේරිමට ආසන්න හේතුව ලෙස දක්වා තිබුනේ ඒ අවස්ථාවේ ආරක්ශක පටි පැලද සිටීමත් මා මිතුරිය ආරක්ශක පටි පැලද නොසිටීමත්ය.



මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ ඒ හා සමාන දෙයක්.


Saturday, May 12, 2012

Monkey Buffet Festival

 රිලවුන්ට කෑම ලබා දීමේ උත්සවය මේකට ඉංග්‍රිරීසියෙන් කියන්නෙ Monkey Buffet Festival කියල.


තායිලන්තයේ බැංකොක් නගරයේ සිටින වාසනාවන්ත රිලවුන් තමයි මේ බෝජන සංග්‍රහ වලට සුදුසුකම් ලබන්නෙ.මේම බෝජන වල ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නෙ පළතුරු සහ එලවඑ. හැබැයි මේ බෝජන වල රස බැලීමට මේ අයට ලේසි වෙන්නෙ නෑ. මොකද මේ සියලුම පළතුරු සහ එලවඑ විශාල අයිස් කුට්ටි වල බහල තමයි මොවුන්ට ලබා දෙන්නෙ. ඇතුලෙ තියෙන පළතුරු සහ එලවඑ ලබා ගන්න නම් මේ අයිස් දිය වෙනකම් ඉන්න වෙනවා. නමුත් මේ රිලව් ටික මොකද දන්නවද කරන්නෙ, දිවෙන් ලෙව කකා මේ අයිස් ඉක්මනින් දිය කිරීමට උත්තහ ගන්නවා.

මේ බලන්න මෙයා දරන උත්සහය

බැලූ බැල්මට මෙය සත්තුන්ට ආදරය කරන අයගේ කටයුත්තක් ලෙස පෙනුනත් මෙය සංවිධානය කරන්නෙ තායිලන්තයේ සිටින  සංචාරකයන්ගේ ආකරශණය ලබා ගන්න. අපි කවුරුත් දන්නවා නේ  තායිලන්තය කියන්නෙ සංචාරක පුරයක් කියල.

මෙයාට නම් ටිකක් තරහ ගිහින් වගේ...... මම මේ රිලවා රිලවා කීවෙ ඹයාට නෙවෙයි හොදේ......




Template by:

Free Blog Templates