Friday, October 14, 2011

ප්‍රථම දකුණු ආසියානු වෙරළ කීඩා උත්සවයේ දුටු අඩුපාඩු

ලංකාව ප්‍රථම දකුණු ආසියානු වෙරළ කීඩා උත්සවය මෙරට පැවැත්වීම අප රටට විශාල කීර්තියක්. තවද එහි කීඩා කටයුතු ඉතා ඉහල මට්ටමින් පැවැත්වීම කටයුතු කර ඇතිබව අපට දැක ගන්නට ලැබුනා. නමුත් වර්තමානය වන විට මෙවැනි ක්‍රිඩා උත්සවයක ප්‍රධාන ගය ලෙස  සලකන අංගයක් වන්නෙ එහි ආරම්භක සහ අවසන් අවස්තාවේ පවත්වන මනරම් උත්සවයයි.

මෙම ක්‍රිඩා උළලේ මම දැකපු අවාසනාවන්තම අංගයද වූයේ එයයි. මට අසන්නට ලැබුනු අකාරයට එහි නිර්මාණ දායකත්වය ලබාදි තිබුනේ පොලිස් අදිකාරීවරයකුය තවද මෙහි සියලුම ඉදිරිපත්කිරීම් පවා කරතිබුනේ ඔවුන් නැතිනම් ආරක්ශක අමාතයංශය විසිනි. ඇත්ටම එය බලා සිටින ඔනම අයකුට සිතෙන්නේ පොලිස් සහ හමුදා නිලදාරීනෙ විවිදප්‍රසංගයක් විලසටය. ඉතාම ප්‍රාඨමික මට්ටමෙ පැවති ඉදිරිපත් කිරීම් මෙවැනි ජාත්යන්තර උත්සවයකට එක්කර තිබුනේදැයි සිතා ගැනීමට මට නොහැකිවිය.

මෙවර පැවැත්වුනු ජාතික පාසල් ක්‍රිඩා උළලේ (මතක ඇති පමනට) මීට කිහිප ගුනයක් ඉහල මනරම් අංග එකතු කර තිබුනි.

කනගාටුවට කරුණ වන්නේ 2018 වසරේදි පොදු රදමඩුලු ක්‍රිඩා උළෙල මෙරටට ලබා ගැනීමට පෙරමං  තනන මොහොතක මෙවැනි සැලකිය නොහැකි ලෙස ස0විදායකයන්  ක්‍රියා කිරීමය. ලංකාව තුල මෙවැනි ක්‍රියා ඉසවු ස0විධනය කරන බොහෝ ආයතන තිබියදි , මෙවැනි වගකීම් විරහිත  වීම කල නොහැක්කකි. කිව යුතුම කරුනක් තිබේ එනම් ල0කාව තුල ක්‍රියාත්මක වන Reality show හි මීට සිවු ගුනයකින් ඉහල ප්‍රසංග පවත්වා ඇත. අමතක නොකල යුත්තේ පොදු රදමඩුලු ක්‍රිඩා උළෙල ලබාගැනීමේ අපගේ තරග කරුවා වන්නේ Australia යි. එනම් අප ඔවුන්ට වඩා ශක්තිමත් බව පෙන්වීමට අපට සිදුවනු ඇත . එවිට නොවැම්බර් 11 දින අපට එම අභිමානය මෙරට දිනාගත හැකිවනු ඇත.

අවසානයේ කිවයුත්තේ අනෙකුත් සියල්ල හොදින් සිදු වූ බවයි. මෙවැනි ක්‍රිඩා උළලෙක රස විද ගැනීමට හම්බන්තොට ජනතාවටද උරුමකම් හිමි වීම සතුටකි.

2 comments:

මංජරී said...

ඔය කතාවට මමත් සම්පූර්ණයෙන්ම එකගවෙනවා මධූ, ඔය අංග දෙකම හරිම ප්‍රාථමික විදියට තමයි මමත් දැක්කේ...හැබැයි ක්‍රීඩා ටික නං හොදට සැලසුම් කරලා තිබ්බා...

මදූශා ශාලනී said...

අනිවාර්යෙන්ම මංජි ක්‍රිඩා ටික නම් හොද මට්ටමින් සංවිධානය කරල තිබුනා

Post a Comment

Template by:

Free Blog Templates