Saturday, September 15, 2012

ඒ කාලෙ ඩැරැකියුලා අද වැම්පයර්


ඒ කාලෙ නම් ඩැරැකියුලා කියන්නෙ චිත්‍රපට වලින් බිහි වුන දරුනුම අමුනුෂ්‍යයා.  ඌට වවුලෙක් වගේ වෙස් වලා ගන්න පුලුවන්, ඉදිරියට නෙරපු උල් සහිත දත් දෙකක් සහිතයි.  බොහොම භයන්කර මූනක් තමයි තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඉන්නෙ පාලු විශාල ගෙවල් වල.


ඒ කිව්වෙ ඒ කාලෙ කට්ටිය ගැන. නමුත් අද වන විට මෙය වෙනස් වෙලා. සෑම දෙයක්ම ගෝලීයකරනය වන නිසා ඩැරැකියුලටත් මේ ඉරනම අත් වුනා.

ඩැරැකියුලා නැතිනම් සින්හලෙන්  කියන්නෙ පිසාචයා කියල. අද පිසාචයා බොහෝම මහත්මා ගති ඇති කෙනෙක් බවට පරිවර්ථනය කරලා. මේ මහත්මා පිසාචයා බිහිවන්නෙ වර්ථමාන ලේකකයන් අතින් සහ ඒවා සිනමාවට සහ රූපවාහිනියට නැගෙන අය අතින්. ඩැරැකියුලා කියන්නෙ පිසාචයාගේ ලොක්කලු ඒ කීවෙ හරියට අපේ ජනාධිපති වගේ , ලෝකෙටම ලොක්කා. ඹය පිසාචයා පිසාචයා කියල කීවට වැම්පයර් කියල සිංහලෙන් කියන්නෙත් එයාලටම තමයි හොදේ.

මේ දවස් වල ලෝකය පුරාම ජනප්‍රිය වී තිබෙන තිබෙන ටුවිලයිට් සහ වැම්පයර් ඩයරි යන කථා මාලා සහ චිත්‍රරපට වලින් තමයි මේ අලුත්ම පිසාචයා බිහිවන්නෙ. මෙ අය හරි හොදයි, පිලිවෙලට අදිනවා ඉස්සර අය වගේ පරන ගරා වැටුනු ගෙවල් වල නෙවෙයි ඉන්නෙ.  මම කීවා වගේ මෙයාලටත් විවෟත ආර්ථිකයේ බලපෑම් වලට ලක් වෙලා. දැන් අය හරිම පොෂ්, අදින්නෙ නවීන පන්නෙට යන්නෙ වොල්වො කාර් වල භාවිතා කරන්නෙ අයි ෆෝන් ඉන්නෙ ලක්සරි ගෙවල් වල.


පිසාචයා මැරෙන්නෙ නෑ මොකද එයාල දැනටමත් මැරිල නිසා, අවුරුදු සිය ගනන් දහස් ගනන් ජීවත් වෙනවා. අපෝ මාර බෝරින් ඇති.  පිසාචයො වර්ග දෙකක් ඉන්නවා, ඹය මිනිස්සුන්ගෙත් ඉන්නෙ විවිධ අය සමහර අයට දිය යටින් දිය ගෙනියන්න පුලුවන් සමහර අයට දිව දෙකක් තියෙනවා. ඒ වගේ පිසාචයො වර්ග එකක් මිනිස්සුන්ගෙ ලේ බොන්නෙ නෑ සතුන්ගෙ ලේ විතරයි බොන්නෙ. අනිත් අය එහෙම නෑ. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා එක් පිසාච වර්ගයක් හිරු එලියට නිරාවරනවය වුනාම දිලිසෙනවා අනිත් අය පිච්චෙනවා.  මෙයාලට ඇති අංග අතරින් මම වඩාත්ම කැමති දේ වන්නෙ ඉතා වේගයෙන් ගමන් කල හැකි වීම. මම පැය ගනන් බස් එකේ වේලෙනකොට නම් මට නිතරම හිතෙන්නෙ අනේ මම වැම්පයර් කෙනෙක් වුනා නම් කියල. ඒත් ඉතින් සමහර වැම්පයර්ලට නිදා ගන්නත් බෑ කන්නත් බෑ. ඒ දෙකම නැති වුනොත් අපේ ජිවිතයේ තව මොනවද කරන්න තියෙන්නෙ. ඒක නිසා වැම්පයර් කෙනෙක් වෙන්න බෑ.


මගේ යාළුවෙක් දවසක් මට හොද කථාවක් කීවා, “ අපෝ ලංකාව මහ බෝරින් රටක් නේ, වැම්පයර්ස්ලා නෑ, සුපර් මෑන්ලා නෑ, ස්පයිඩර් මෑන්ලා නෑ,“ නේ කියල. එයාල ඹක්කොම සුපිරි වීරයො, සත්‍යයයෙන් තොරයි. ඒත් එයාට එකක් අමතක වුනා,  අපේ රටේ කොච්චර නම් සුපිරි වීරයො ඉන්නවද“විභාග ලියන්නෙ නැතිව නීතිඥයො වීම“ “නැව් එන්නෙ නැති ලෝකයේ සුපිරිම ගනයේ වරායන්“  “ලෝක වාර්ථා තියමින් ඡන්ද පැරදුනත් නායක කමේ ඉන්න නායකයන්“ “හිසට තුවාල වීමෙන් අනතුරුව තමන් කල වැරදි පමනක් අමතක වීම“වැනි සුපිරි ගනයේ මිනිසුන් ඉන්න රටක ඉන්න අපට මොන වැම්පයර්ලද? මොකද අපේ දේශපාලකයන් වැම්පයර්ල නොවුනත් වැම්පයර්ලට වඩා මිනිසුන්ගෙ රීරී මාංශය උරා බොනවා.



ඹන්න ආයෙ ට්‍රැක් පැන්නා මේ සුපිරි  වීරයො කියනකොටම මතක් වෙන්නෙම අපේ වීරයොනෙ ඒකයි. ආයෙ ප්‍රධාන කථාවට ආවොත් ඉහත සදහන් කරපු ප්‍රධාන කථා දෙක බිහි වන්නෙ නව කථා දෙකකින්. ඒවා නම්,
                                           ටුවිලයිට් නවකථාව = කර්තෟ වන්නෙ ස්ටෙෆනි මේයර්
                                           වැම්පයර් ඩයරි = එල්. ජේ ස්මිත්

මේ පොත් දෙකම අති ජනප්‍රිය කථා දෙකක් බවට පත් වෙනවා. මෙහි සිටින පිසාචයන් සම්ප්‍රධාය අභිබවා යනවා ඹවුන් ජීවත් වන මිනිසුන්ට නැති මනුෂ්‍යයත්වයක් දක්වනවා. කොහොම වුනත් මේ වැම්පයර්ල කියන්නෙ මිත්‍යයාවක්. එය ප්‍රබන්ධයක්. ඒත් ලස්සන ප්‍රබන්ධයක්.

Template by:

Free Blog Templates