Monday, January 30, 2012

කුස පබා බැලිමි.....

කාලෙකට පස්සෙ සෙනසුරාදා උදෙන්ම ලෙක්චර්ස් යන්න ලැහැස්ති වුනා. ඹන්න ඉතින් පුදපු ගමන්ම කාපි යකා කියල  අද ලෙක්චර්ස් නෑ කියල පනිවිඩයක් ආවා. අපෝ අද ලෙක්චර්ස් යන්නම ඹ්න දවසක්. මෙකද කොහොම හරි හවස් වෙනකන් දවස ගත කරන්නත් ඹ්න. ඹන්න ඉතින් මගෙ පුන්චි මොලේට ආව අදහසක් කුස පබා චිත්‍රරපටිය බලන්න යමු කියල. ඒ ගමන් හතර වටේට ඇමතුම් දීල අපේ ගැහැණු ළමයි ටිකකුත් එකතු කරගෙන ගියා චිත්‍රරපටි ශාලාවට.
වැඩේ කියන්නෙ එතකොට වෙලාව 1.00 විතර චිත්‍රරපටිය පටන් ගන්නෙ 2.30ට. පැයකටත් වැඩිය ඉතුරුයි. දැන් මොකද කරන්නෙ ලග තියෙන කඩයකට වෙලා 2.00 විතර වෙනකන් ඉතින් ඹ්පයක් කිය කිය හිටිය.


දැන් තමයි චිත්‍රරපටිය ගැන කියන්න යන්නෙ. ඇත්තටම කුස පබා කියන්නෙ 2012 වර්ෂයේ සිංහල සිනමාවට දුන්නු හොද ආරම්භයක්.චිත්‍රරපටිය පසුබිම් වෙලා තිබෙන්නෙ ඉංදියාව කේන්ද්‍ර කරගෙන වීම නිසා පූඡා උමා ශංකර් පබාවතීගේ චරිතයට ඉහලම ආකාරයෙන් ගැලපෙනවා කියලයි මගේ හැගීම.ඇය පිටරටක කෙනෙක් කියා කෑ ගැසුවත් ඇය තුලින් මට පෙනෙන්නේ සැබෑ ශ්‍රී ලාංකීය බවක්.


චිත්‍රරපටිය නැරබීමට කලින් නම් ජැක්සන් ඇන්තනී මොකට ගත්තා යැයි සිතුනත් චිත්‍රරපටිය නැරබූ පසු නම් සිතෙන්නේ එම රංගනය වර්ථමානයේ සිටින සීනිබෝල නඑවන්න කලහැකිද යන්නයි.
චිත්‍රරපටියහි හැඩ ගැන්වීම ඉහලම ආකාරයෙන් සිදු වී තිබුනි.මෙහි මාගේ සිත් ගත්ම කොටස වූයේ “කැවුම් සොරකම විදහා දැක්වුනු කොටසයි“ එය සැබැවින්ම එකල අතීත ඉංදීය ජන ක්‍රමය සිහි ගන්වන්නක් විය.


සැබෑ සිංහල චිත්‍රරපටියක රසවින්දනය ලබා දුන් මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිදුනි ඹබට ස්තුතියි... 

0 comments:

Post a Comment

Template by:

Free Blog Templates