Wednesday, September 28, 2011

රැකියාවකට ඉල්ලුම් කිරීම

අපි හැමෝගෙම අරමුණ රැකියාවක් සොයා ගැනීම නිසා මම හිතුවා රැකියාවක ඉල්ලුම් කරන්නේ කොහොමද කියල කියන එක හොදයි කියලා.
රැකියා වෙළදපොලේ රැකියාවන්ට ඉල්ලුම් කරන කොටස් 3ක් හදුනා ගන්න පුලුවන්. එ අය වෙන්නෙ,

01)අලුතෙන්ම ඉල්ලුම් කරන අය. (new/fresh graduate.)
02)තමන්හෙ රැකියාව වෙනස් කරන අය. (job changer)
03)තමන්ගෙ රැකියාව ස්වභාවය වෙනස් කරන අය. (career changer)

මේ 3න් කොට්ටාශයෙන් අලුතෙන්ම රැකියවක් හොයන අයට න්ම් ටිකක් දුශ්කරතා වලට මුහුන දෙන්න වෙනවා. ඒ කොහොම වෙතත් මේ සියලු දෙනාටම රැකියවක් ලබාගැනීමට නම් රැකියාවකට ඉල්ලුම් කිරීමට සිදුවෙනවා. තේරෙන සි0හලෙන් කියනවා නම් අපිට CV 1ක් යවන්න වෙනාවා. 
මෙහෙම යවන වර්ග 02ක් තිබෙනවා . ඒවා නම්,
01)Chronological CV.
02)Functional CV.

මේව සි0හලෙන් කියන නම් මම දන්නෙ නෑ.
Chronological CV කියන්නෙ ත්මන්ගෙ අත්දැකීම් ගොනු කරලා සහ ඒවාට මුල්තැන දීලා හදන CV වලට. මේවා ගොනු කරන්න අවශයය වන්නෙ වර්ඨමාන කාලයේ සිට අතීතය දක්වා . මේ ගනයේ CV හදන්නෙ ටිකක් විතර ඉහල පැලැන්තියේ රැකියා ඉල්ලුම් කිරීම සදහා. මොක්ද ඒ සදහා අවශයය වන්නෙ අත්දැකීම් බහුල අය නිසා.
හැබැයි මෙත්නදි අපි වඩාත් සැලකිලිමත් වනන ඔන දෙයක් වන්නෙ අපිට කොතරම් අත්දැකීම් තිබුනත් අපි සදහන් කරපු තැන් වල අපි ඉහල දක්ශතා පෙන්වලා තිබෙන්න ඔන. එසේ නොමතිව අපි ආසන්න කාලයේ වැඩ කරපු තැන දැන් බ0කොලොත් වෙලා නම් එය වැඩක් වෙන්න නෑ.

 මෙහි දෙවන වර්ගය වන්නෙ Functional CV. මේක තමයි අපට වැදගත් වන වර්ගය ඒ කියන්නෙ අත්දැකීම් අඩු අයට හදන CV විදිය. මෙහිදී අපි ප්‍රධාන කොට ඉස්මතු කර පෙන්වන්න අවශයය වන්නෙ අපේ ඇති සුදුසුකම් සහ කුසලතා සහ අප ලබා තිබෙන ජයග්‍රහණ. මොකද අප ඇති අත්දැකීම් මදි කම නිසා. 

මේ නිසා රැකියාවක ඉල්ලුම්  කිරීමේ දි අපි මේ කරුනු ගැන සැලකිලිමත් විය යුතුයි.

මෙන්න මේ වලින් අපට Chronological CV ටිකක් ගන්න පුලුවන්. 

http://office.microsoft.com/en-us/templates/chronological-resume-traditional-design-TC006091523.aspx
http://jobsearch.about.com/od/cvsamples/a/blsamplecv.htm

මෙතනින් Functional CV,
http://office.microsoft.com/en-us/templates/functional-resume-vertical-design-TC006285184.aspx

http://free-resume-downloads.com/functional-resume.html

0 comments:

Post a Comment

Template by:

Free Blog Templates