Thursday, November 3, 2011

වර්ථමානයේ අපේ රටේ ටෙලිනාටයය

මම අද කථා කරනෙ සුලු ප්‍රමාණයක් වූ ඉහල මට්ටමේ තිබෙන ටෙලි නාටයය ගැන නෙවෙයි බහුතරයක් වූ පහළ මට්ටමේ ඇති ඒවා ගැන.ප්‍රධාන වශයෙන් අද ඇති ටෙලි නාටයය යථාර්ථය ග්‍රහණය කරන්නෙ නැති බව පේන්න තිබෙනවා. හැම එකක්ම බැලුවම  පේන්නෙ "අනේ මේ ලංකාවද කියල හිතෙනවා" . හැම එකකම තියෙන්නෙ ලොකු ගෙවල්, නවීන පන්නයේ වාහන , අලංකාර ඇදුමින්  සැරසුන අය සහ විවිධ වර්ගයේ කෑම බීම. අනේ දැක්කම හරි ආස හිතෙනවා.

අද නැතුවම බැරි චරිත

  • විකටයෙක්
  •  ඇමති කෙනෙක්
  •  ඉහළ පෙලේ සල්ලිකාර පවුලක් 
  •  දුශ්ටයෙක්
  • ගුරුකම් කරන කෙනෙක් 

ටෙලි වල ගොඩක් අය ආදරය කරන්නෙ facebook හරහා, යන්නෙ hybrid car වල , කන්නෙ ඉහල පෙළේ හෝටල් වලින්, ඉන්නෙ ටෙඩි බෙයාලා පිරුනු කාමර වල , අදින්නෙ ඇග වත් වැහෙන්නෙ නැති ඇදුම් සහ කතා කරන්නෙ ලක්ශය ගනන් වලින්. අනේ මේ ලංකාවට   මොකද මේ වුනේ.

හැම ටෙලියකම වගේ පවුලේ  ගෘහ මූලිකයා වන පියා නමට පමනක් සීමා වෙලා.පියා රගපාන්නෙ විකටයගෙ චරිතය, ඔහු මුඑ පවුලටම විහිලුවක් වෙලා. මේවා බැලුවම  ඔලුව අවුල්  වෙනවා. කවදාවත් දැකලා නැති නවක තරු , අම්මා දුවගෙ වයසෙ දුව අම්මගෙ වයසෙ. අගය කරන්න පුලුවන් වර්ගයේ නිර්මාණ බිහිවන්නෙ අතලොස්සයි ඒවාටත් නිසි ඇගයීමක් නෑ හැම තැනම විකිණෙන්නෙ බොරුව. යථාර්ථය පෙන්වන විදියෙ එකක් කලොත් එය පෙන්වීමට විකාශණ කාලයක් වෙන්කර ගැනීම පවා අපහසු යුගයක්. මින් පෙර නම් රජයේ රූපවාහිනි ම්මේ වගකීම ඉටුකරනවා අපට දක ගන්න ලැබුනා. නමුත් වර්ථමනය වන විට ඔවුනුත් මේ වගකීම පැහැර ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නෙ.


2 comments:

Anonymous said...

නියම නිර්මාණ කරුවන් නිහඬව සිටින තාක් මේ දේ වෙනවා.අර කතාවටත් කියන්නෙ බොරු කාරයාට වැඩ බෑ වැඩ කාරයාට බොරු බෑ කියල.

මදූශා ශාලනී said...

අනිවාර්යෙන්ම සඳරුවන්. මේ මේනිසා සැබෑ නිර්මාණ කරැවන් නිහඩයි.

Post a Comment

Template by:

Free Blog Templates