රිලවුන්ට කෑම ලබා දීමේ උත්සවය මේකට ඉංග්‍රිරීසියෙන් කියන්නෙ Monkey Buffet Festival කියල.
තායිලන්තයේ බැංකොක් නගරයේ සිටින වාසනාවන්ත රිලවුන් තමයි මේ බෝජන සංග්‍රහ වලට සුදුසුකම් ලබන්නෙ.මේම බෝජන වල ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නෙ පළතුරු සහ එලවඑ. හැබැයි මේ බෝජන වල රස බැලීමට මේ අයට ලේසි වෙන්නෙ නෑ. මොකද මේ සියලුම පළතුරු සහ එලවඑ විශාල අයිස් කුට්ටි වල බහල තමයි මොවුන්ට ලබා දෙන්නෙ. ඇතුලෙ තියෙන පළතුරු සහ එලවඑ ලබා ගන්න නම් මේ අයිස් දිය වෙනකම් ඉන්න වෙනවා. නමුත් මේ රිලව් ටික මොකද දන්නවද කරන්නෙ, දිවෙන් ලෙව කකා මේ අයිස් ඉක්මනින් දිය කිරීමට උත්තහ ගන්නවා.
බැලූ බැල්මට මෙය සත්තුන්ට ආදරය කරන අයගේ කටයුත්තක් ලෙස පෙනුනත් මෙය සංවිධානය කරන්නෙ තායිලන්තයේ සිටින සංචාරකයන්ගේ ආකරශණය ලබා ගන්න. අපි කවුරුත් දන්නවා නේ තායිලන්තය කියන්නෙ සංචාරක පුරයක් කියල.
මෙයාට නම් ටිකක් තරහ ගිහින් වගේ...... මම මේ රිලවා රිලවා කීවෙ ඹයාට නෙවෙයි හොදේ......
2 comments:
මේ දවස් වල මටත් ඔහොම අයිස් කුට්ටියක් බදාගෙන ලෙවකන්න හිතිල තියෙන්නෙ...අම්මෙ පුදුම ගිරිස්මයක් නේ...
ඹයාටත් එහේ ගියා නම් නිකම්ම ගන්න තිබුනා
Post a Comment