Saturday, January 14, 2012

මම නිදහස් අධ්‍යාපනය ලබන්නෙමි ඹබ.....?







මේ උඩින් දැක්වෙන්නෙ මගේ විශ්වවිද්‍යාල සගයෙක්(බුද්ධික) මූනු පොතට දාපු පෝස්ට් 1ක්. මම මේ කථා කරන්නෙ කිසිම දේශපාලනයක් ගැන නෙවෙයි නමුත් සුවහසක් වූ අපේම දූප්පත් දෙමාපියන්ගෙ දරැවන්ගෙ අනාගතය ගැන.සමහරු නම් කියන්නෙ මේකට  විශ්වවිද්‍යාල ළමයි බොරුවට උඩ පනිනව කියල. ඇත්තටම හිතල බැලුවොත් මේකට අපි මෙච්චරම විරුද්ද ඇයි,අපිට නම් තව මාස කිහිපයකින් උපාදිය ලැබෙනවා. ඉතින් අපට මොකටද මේක.නමුත් අපි මේ කෑ ගහන්නෙ අනාගතයේ සිද්ද වෙන්න යන විනාශය පේන නිසා.

අපේ රටේ මිනිස්සු හිතන්නෙ අනේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම කොච්චර් හොදද අපේ ළමයින්ටත් යන්න පුලුවන්නෙ කියල.ලක්ශ 65ක් දීලා තමන්නෙ ළමයව දොස්තර මහත්තයෙක් කරන්න පුලුවන්ද කියල හිතෙන්නෙ නෑ.කමක් නෑ ගෙවල් දොරවල් උගස් කරල හරි උගන්නනවා කියල හීන මාලිගා තනනවා. වර්ථමානයේ නිකන් දෙනවා කියන අධ්‍යාපනය ගන්නත් අපේ ළමයි කීදෙනෙක්ගෙ නම් දෙමාපියන් තමන්ගෙ ගෙවල් දොරවල් උගස් කරල ඇත්ද? එහෙවු එකේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න එක ගැන මොන කථාද...

අපේ රටේ බහුතරයක් වූ විශ්වවිද්‍යාල නොගිය පරපුර සුලුතරයක් වූ විශ්වවිද්‍යාල තුල සිටින පරපුර ගැන බලන්නෙ වපර ඇහෙන්. අපි කියන්නෙ නෑ උපාධිදාරන් නිසා තමයි මේ රට රදා පවතින්නෙ කියල , තේ දළු නෙලන්නියගෙ ඉදලා ඉහල පෙල කළමණාකරැ දක්වාම මේ රට සංවර්ධනයට දායකත්වයක් සපයනවා.  නමුත් විශ්වවිද්‍යාල පරපුර කියන්නෙ මේ රටේ සංවර්ධනයට අගය එකතු කිරීමට පුහුණු කරන ලද කොටස. ඹබ ඹවුන්ව අගය නොකලත් ඹවුන්ව රැක ගැනීව වත් කල යුතුයි.මොකද අද අපි ඉන්න තැන හෙට ඹබේ ළමයි ඉන්න පුලුවන් නිසා.

මගේ විරුද්දත්වය ලංකාවට තුල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබදව නෙවෙයි,නමුත් ඒවායේ ඇති ප්‍රමිතිය පිළිබදවයි.මේ තුලින් උසස් පෙළ තියා සාමාන්‍ය පෙළ වත් පාස් නැති නූගතුන් රඡ වීම වැලැක්වීමටයි. මේ රටේ ඉහල තැන් වල වැඡබෙන කුඩු කාරයාගේ සිට කසිප්පු කාරයා දක්වා හොරුන්ගේ ළමයි සල්ලි දී හොර දොස්තරලා,ඉංඡිනේරුවෝ වන විට අහින්සක දෙමාපියන්ගෙ උගත් දරැවන් ඹවුන්ගේ දෙපා ලෙවකන වසලයන් වීම වැලැක්වීමට ඹබත් එකතු විය යුතු කාලයයි. අපේ විරුද්දත්වය විශ්වවිද්‍යාලට තේරීමට ලකුණක් දෙකක් මදි වී පෞද්ගලික විශ්වවිද්‍යාලට ගොස් තම උපාධිය සම්පූර්න කර ගන්නා සහෝදරයන්ට නොවෙයි.

අපේ මිනිස්සු හිතන්නෙ අපි විශ්වවිද්‍යාල වලට වෙලා නිකන් දෙන සල්ලි කකා ඹහේ ඉන්නවා කියලා. මේවට ඉතින් අපේ මාධ්‍යත් වග කියන්න ඹ්න. මොකද ඉතින් ඹවුන් නාට්‍යයක් පෙන්නුවත් ,වෙනත් වැඩසටහනක් කලත් පෙන්වන්නෙ කෝලහාල විතරනෙ. අපි ඉගෙන ගන්න විදිය, පාඩම් කරන විදිය සහ අනෙකුත් සමාඡ ක්‍රියාකාරකම් පෙන්වන්නෙ නෑ. අපි මේක ගොඩ දා ගන්න විදින දුක පෙන්වන්නෙ නෑ. කමක් නෑ අපිට ඒ ගැන දුකක් නෑ ඒත් දුක රටේ අනාගතය ගැන හිතෙනකොට දුකයි. ඒත් මොනවා කරන්නද නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. දැන් ඉතින් අපේ යාලූවා කීවා වගේ සතේ සතේ එකතු කර ගමු.  

2 comments:

මංජරී said...

සම්පූර්ණ ඇත්ත කතාව, පෞද්ගලික විශ්වවිද්‍යාල දාන එක නෙමෙයි ප්‍රශ්නේ ඒකෙන් නිදහස් අධ්‍යාපනය නැතිකරන්න හදන එකයි වැ‍රැද්ද.... කැම්පස් ලමයින්ට කවුරු බැන්නත් මම කවදාවත් කැම්පස් එකක ඉගෙනගත්ත කෙනෙක් කැම්පස් ළමයින්ට බනිනවා දැකලා නෑ(මුල අමතක දේශපාලකයින් ඇරෙන්න) මොකද ඒ අය දන්නවා කැම්පස් එකක ළමයෙක් ඉගෙන ගන්න විදින දුක සහ ඒකේ වටිනාකම, මේ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම කවුරුත් තේරුම් ගත්තේ නැත්තං ඉස්සරහට ඉතින් ලංකාවෙ අහිංසක මිනිස්සුන්ට වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි.....සමහරවිට අර ආදි කාලේ වුනා වගේ සැප විදින්න සහ ඉගෙනගන්න අයිතිය සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් ලැබේවි !

මදූශා ශාලනී said...

අනිවාර්යෙන්ම මංඡි මේවා අපේ මිනිස්සුන්ට නොතේරෙන එකයි ප්‍රශ්ණය

Post a Comment

Template by:

Free Blog Templates