Sunday, April 1, 2012

ජීවිතය ඉගෙන ගැනීම

ගෙඩක් දවසකට පස්සෙ තමයි අලුත් ලිපියක් ලියන්න හිතුනෙ, පහු ගිය දවස් වල තිබුන විභාග වැඩ කටයුතුත් එක්ක මේ වැඩ ටිකක් කල් දාන්න වුනා.

කැම්පස් 1න් , බෝඩින් ජීවිතයෙන් මිදිල ටික කාලයක් මේ අඑත් අවුරුද්දත් එක්ක ගත කරන්න පුලුවන්. ඇත්තටම ගෙදර ආවම දැනෙන්නෙ පුදුම නිදහසක්, ඒත් ඒක ටික දවසකට විතරද?

මම පුංචි කාලයේම ඉදල ටිකක් ඉක්මනට තරහ යන කෙනෙක්, වැඩියෙන්ම තරහ යන්නෙ ගෙදර අය එක්ක. මොනව කරන්නද ගෙදර බාලයානෙ හැම දෙයක්ම කොහොම හරි ලබා ගන්න තමයි බලන්නෙ.
විශ්ව විද්යාල ජීවිතය මගේ ජීවිතයේ හැම වැරුද්දක්ම  හදාගන්න මග පෙන්වනවා. බෝඩිම් ජීවිතය මේ හැම වැරුද්දක්ම හදා ගන්න උදව් කරනවා. බෝඩිමේ මිතුරියන් 7 දෙනෙක් එක්ක කාලය ගත කරන කොට අපට එකි නෙකාගෙ වැරදි තේරුම් යනවා අපි බොහෝ වේලාවට ඒවා කථා බහ කරනවා. එක්කෙනෙක්ට තරහ ගියාම අනිත් අය එයාගෙ තරහ නිවෙනකන් ඉන්නවා. ජීවිතයේ දුක සැප එකට බෙදා ගන්නවා.


මම මගේ ජීවිතයට බෝඩිම් ජීවිතයෙන් එකතු කර ගත්ත දේ බොහෝයි. මට අද ඉස්සර වගේ නෙවෙයි තරහ යනවා බොහොම අඩුයි. තරහ යන දෙයක් වුනාම එය ගනන් නොගෙන ඉන්න උත්සහ කරනවා. සමහර ප්‍රශ්ණ වලට පිලිතුර නිශ්ශබ්ද තාවය කියල මම තේරුම් ගත්තේ බෝඩිම් ජීවිතයෙන්.

මම අහල තිබුනා ජීවිතය අපිව සමහර සංදිස්තාන වලට ගෙනියනවා අපි කවදාවත් නොහිතන ආකාරයට, මගේ ජීවිතයේ බෝඩිම් ජීවිතය තමයි ඒ සංදිස්තානය. ඹබ මට ජීවිතය ඉගැන්වුවා........

0 comments:

Post a Comment

Template by:

Free Blog Templates