Wednesday, January 9, 2013

අලුත් අවුරුදු උදාව


සුභ නව වසරක් වේවා .....!!

නව වසරකුත් උදා වුනා ... අලුත් අවුරුද්දක් උදා වෙන්න ලං වුනාම ඒක සමරන්න හැමෝම ලහි ලහියෙ සූදානම් වෙනවා. මේ අතර දින ගනන් කිරිම්, පැය ගනන් කිරිම් වැනි දේවල් දකින්න දකින්න පුලුවන්. නමුත් මේ කියන්නෙ යන්නෙ එවැනි සැමරුමක් ගැන නම් නෙවෙයි. ලෝකෙ ප්‍රථමයෙන්ම  අලුත් අවුරුද්ද උදා වන සහ අවසානයටම අලුත් අවුරුද්ද උදා වන රටවල් 02ක ගැන. 

 ප්‍රථමයෙන්ම  අලුත් අවුරුද්ද උදාවන රට

Kiribati (ඇග බේර ගන්න ඹ්න නිසා මම මේ නම සිංහගෙන් ලියන්න යන්නෙ නෑ )

මෙය ඹ්ස්ට්‍රේලියාව ආශිත රටක්. ඇත්තටම මෙය කුඩා දූපතක්. මෙහි ජීවත් වන්නේ ඉතා කුඩා ජනගහනයක්.

මේ තියෙන්නෙ Kiribati 
මේ ඒ රටේ මිනිස්සු ටිකක්  අපේ රටේ අය වගේ නේ 


ලෝකයේ අවසාන වශයෙන් නව වසර උදා වන රට

  • Samoa- Pago Pago,
  • Samoa (Apia),
  • Niue (Alofi),
  • Midway Islands,
  • Jarvis Isl.,
  • Kingman Reef,
  •  Palmyra Atoll

ඉහතින් තියෙන්නෙ අවසාන වශයෙන් නව වසර උදා වන රටවල්. මෙහිදී රටවල් 07 ක පමණ නම් සදහන් වනවා. මේ සියලු රටවල් සියල්ල ඇතුලත් වන්නේ එකම වේලා කාණ්ඩයකට (Time Zone). මේ දූපත් සියල්ල පිහිටා තියෙන්නෙ ඇමරිකාව ආශ්‍රිතව කුඩා දූපත් රාශියක් ලෙස



Monday, October 15, 2012

ගැන්ගම් නැටුම

මොකක්ද මේ "ගැන්ගම්" නැටුම ? මේකෙ නම ඇහුව ගමන් මම නම් හිතුවෙ ඉන්දියාවෙ එකක් කියල.ඇත්තටම මේකෙ සම්භවය වෙන්නෙ කොරියාව.ඇත්තටම මේක ප්‍රසිද්ධ ගීතයක් මෙය ගායනා කරන්නෙ කොරියන් රැප් ගායකයකු වන පී.එස්.වයි (PSY) කියන ගයකයා. මේ ගීතය සහ නැටුමට පදනම් වෙලා තියෙන්නෙ කොරියාවෙ සෝල් අග නගරයේ තිබෙන ගැන්ගම් නම් ප්‍රදේශය.ගැන්නම් නම් ප්‍රදේශය කියන්නෙ අති සුඛෝපභෝගී නගරයක් කොරියාවෙ ගොඩක් අය තමන්ගෙ තත්වය පෙන්වන්න තමන් ජිවත් වෙන්නෙ මේ ප්‍රදේශයේ කියල තමයි කියන්නෙ හරියට අපේ රටේ අය කොළඹ 7තේ  ඉන්නව කියනව වගේ.මෙය උපහාසයට ලක්  කිරීමට තමයි මේ ගීතය ලියවිලා තියෙන්නෙ. 

PSY


මෙම නර්ථන විලාසය අද වන විට ලෝකය පුරාම උන්මාදයක් ලෙස පැතිර යමින් තිබෙන්නෙ. මෙම ගීථය ඇතුලත් වීඩියෝ පටිය යු ටියුබ් හි මිලියන 500කට ආසන්න පිරිසක් නරඹා තිබෙනවා.

2012.10.15 දින වන විට


කරුනු කාරනා එසේ වෙද්දි අපිටත් මේ "ගැන්ගම්" නැටුම ගැන ආකර්ශනයක් ඇතිවුනා ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි 20 යි 20 ස ලෝක කුසලානය  නිසා. මේ නැටුම කරලියට ගෙන එන්නෙ බටහිර ඉන්දීහ කොදෙව් ක්‍රීඩ්ක ක්‍රිස් ගේල්. ඹහු පිටිය මැද මේ නර්ථනය ඉදිරිපත් කරනවා. එමගින්  ප්‍රේක්ශක හා මාධයය අවදානය තමා වෙත ඇද ගැනීමට ඹහු සමත් වන අතර අනෙකුත් රට වල ක්‍රිඩ්කයන්ද මෙය අනුගමනය කරනවා පවා දැක ගන්නට ලැබුනා. 
ක්‍රිස් ගේල්
ජීවන් මෙන්ඩිස් "ගැන්ගම්"නටමින්

  තවද මෙම ගීතයෙහි ඇතුලත් "ගැන්ගම්" නැටුම ඉගෙන ගැනීමට ලොව පුරා පන්ති ආරම්භ කර ඇති අතර විවිද වර්ගයේ වෙළෙද භාණ්ඩද  නිශ්පාදනය කිරීමටද පෙලඹී තිබෙනවා.
"ගැන්ගම්" පන්ති
"ගැන්ගම්" ටී ශර්ට්
"ගැන්ගම්" ටැටූ
"ගැන්ගම්" කෝප්ප
ඹන්න  ලින්ක් එක,

Saturday, September 15, 2012

ඒ කාලෙ ඩැරැකියුලා අද වැම්පයර්


ඒ කාලෙ නම් ඩැරැකියුලා කියන්නෙ චිත්‍රපට වලින් බිහි වුන දරුනුම අමුනුෂ්‍යයා.  ඌට වවුලෙක් වගේ වෙස් වලා ගන්න පුලුවන්, ඉදිරියට නෙරපු උල් සහිත දත් දෙකක් සහිතයි.  බොහොම භයන්කර මූනක් තමයි තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඉන්නෙ පාලු විශාල ගෙවල් වල.


ඒ කිව්වෙ ඒ කාලෙ කට්ටිය ගැන. නමුත් අද වන විට මෙය වෙනස් වෙලා. සෑම දෙයක්ම ගෝලීයකරනය වන නිසා ඩැරැකියුලටත් මේ ඉරනම අත් වුනා.

ඩැරැකියුලා නැතිනම් සින්හලෙන්  කියන්නෙ පිසාචයා කියල. අද පිසාචයා බොහෝම මහත්මා ගති ඇති කෙනෙක් බවට පරිවර්ථනය කරලා. මේ මහත්මා පිසාචයා බිහිවන්නෙ වර්ථමාන ලේකකයන් අතින් සහ ඒවා සිනමාවට සහ රූපවාහිනියට නැගෙන අය අතින්. ඩැරැකියුලා කියන්නෙ පිසාචයාගේ ලොක්කලු ඒ කීවෙ හරියට අපේ ජනාධිපති වගේ , ලෝකෙටම ලොක්කා. ඹය පිසාචයා පිසාචයා කියල කීවට වැම්පයර් කියල සිංහලෙන් කියන්නෙත් එයාලටම තමයි හොදේ.

මේ දවස් වල ලෝකය පුරාම ජනප්‍රිය වී තිබෙන තිබෙන ටුවිලයිට් සහ වැම්පයර් ඩයරි යන කථා මාලා සහ චිත්‍රරපට වලින් තමයි මේ අලුත්ම පිසාචයා බිහිවන්නෙ. මෙ අය හරි හොදයි, පිලිවෙලට අදිනවා ඉස්සර අය වගේ පරන ගරා වැටුනු ගෙවල් වල නෙවෙයි ඉන්නෙ.  මම කීවා වගේ මෙයාලටත් විවෟත ආර්ථිකයේ බලපෑම් වලට ලක් වෙලා. දැන් අය හරිම පොෂ්, අදින්නෙ නවීන පන්නෙට යන්නෙ වොල්වො කාර් වල භාවිතා කරන්නෙ අයි ෆෝන් ඉන්නෙ ලක්සරි ගෙවල් වල.


පිසාචයා මැරෙන්නෙ නෑ මොකද එයාල දැනටමත් මැරිල නිසා, අවුරුදු සිය ගනන් දහස් ගනන් ජීවත් වෙනවා. අපෝ මාර බෝරින් ඇති.  පිසාචයො වර්ග දෙකක් ඉන්නවා, ඹය මිනිස්සුන්ගෙත් ඉන්නෙ විවිධ අය සමහර අයට දිය යටින් දිය ගෙනියන්න පුලුවන් සමහර අයට දිව දෙකක් තියෙනවා. ඒ වගේ පිසාචයො වර්ග එකක් මිනිස්සුන්ගෙ ලේ බොන්නෙ නෑ සතුන්ගෙ ලේ විතරයි බොන්නෙ. අනිත් අය එහෙම නෑ. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා එක් පිසාච වර්ගයක් හිරු එලියට නිරාවරනවය වුනාම දිලිසෙනවා අනිත් අය පිච්චෙනවා.  මෙයාලට ඇති අංග අතරින් මම වඩාත්ම කැමති දේ වන්නෙ ඉතා වේගයෙන් ගමන් කල හැකි වීම. මම පැය ගනන් බස් එකේ වේලෙනකොට නම් මට නිතරම හිතෙන්නෙ අනේ මම වැම්පයර් කෙනෙක් වුනා නම් කියල. ඒත් ඉතින් සමහර වැම්පයර්ලට නිදා ගන්නත් බෑ කන්නත් බෑ. ඒ දෙකම නැති වුනොත් අපේ ජිවිතයේ තව මොනවද කරන්න තියෙන්නෙ. ඒක නිසා වැම්පයර් කෙනෙක් වෙන්න බෑ.


මගේ යාළුවෙක් දවසක් මට හොද කථාවක් කීවා, “ අපෝ ලංකාව මහ බෝරින් රටක් නේ, වැම්පයර්ස්ලා නෑ, සුපර් මෑන්ලා නෑ, ස්පයිඩර් මෑන්ලා නෑ,“ නේ කියල. එයාල ඹක්කොම සුපිරි වීරයො, සත්‍යයයෙන් තොරයි. ඒත් එයාට එකක් අමතක වුනා,  අපේ රටේ කොච්චර නම් සුපිරි වීරයො ඉන්නවද“විභාග ලියන්නෙ නැතිව නීතිඥයො වීම“ “නැව් එන්නෙ නැති ලෝකයේ සුපිරිම ගනයේ වරායන්“  “ලෝක වාර්ථා තියමින් ඡන්ද පැරදුනත් නායක කමේ ඉන්න නායකයන්“ “හිසට තුවාල වීමෙන් අනතුරුව තමන් කල වැරදි පමනක් අමතක වීම“වැනි සුපිරි ගනයේ මිනිසුන් ඉන්න රටක ඉන්න අපට මොන වැම්පයර්ලද? මොකද අපේ දේශපාලකයන් වැම්පයර්ල නොවුනත් වැම්පයර්ලට වඩා මිනිසුන්ගෙ රීරී මාංශය උරා බොනවා.



ඹන්න ආයෙ ට්‍රැක් පැන්නා මේ සුපිරි  වීරයො කියනකොටම මතක් වෙන්නෙම අපේ වීරයොනෙ ඒකයි. ආයෙ ප්‍රධාන කථාවට ආවොත් ඉහත සදහන් කරපු ප්‍රධාන කථා දෙක බිහි වන්නෙ නව කථා දෙකකින්. ඒවා නම්,
                                           ටුවිලයිට් නවකථාව = කර්තෟ වන්නෙ ස්ටෙෆනි මේයර්
                                           වැම්පයර් ඩයරි = එල්. ජේ ස්මිත්

මේ පොත් දෙකම අති ජනප්‍රිය කථා දෙකක් බවට පත් වෙනවා. මෙහි සිටින පිසාචයන් සම්ප්‍රධාය අභිබවා යනවා ඹවුන් ජීවත් වන මිනිසුන්ට නැති මනුෂ්‍යයත්වයක් දක්වනවා. කොහොම වුනත් මේ වැම්පයර්ල කියන්නෙ මිත්‍යයාවක්. එය ප්‍රබන්ධයක්. ඒත් ලස්සන ප්‍රබන්ධයක්.

Wednesday, August 22, 2012

කථා කරන දැන්වීම් 01

අන්තර්ජාලය තුල සැරිසරන විට දැක ගන්න ලැබුනු අපූරු සහ නිර්මාණාත්මක දැන්වීම් කිහිපයක් තමයි අද ඉදිරිපත් කරන්නෙ. මේවායින් බොහොමයක එහි සැබෑ අරුත පෙනෙන්නෙ එහි අභ්‍යන්තරයෙ. 


Burger King – Real Big Burgers

Trivandrum City – Save Trees. Save The Earth
Seiko Alarm Clock
Pepsi – Come Alive
JK Tyres – If You Think Winning’s Tough Enough, Try Holding Your Nerves
300000 Child Soldires Dream Of Simply Being Children
Sony VAIO – Lightweight like no other
WMF knives – Cutting board

Xerox – Borderless Printing

Nintendo – GameBoy Advance

Plant More Trees
Snickers – 50% Extra!



ඹබටත් මෙහෙම හිතිල තියෙනවද?

බොහොම කාලයකට පස්සෙ තමයි පෝස්ට් 1ක් ලියන්න යන්නෙ. මේ දවස් වල ඉතින් ට්‍රේනින්නෙ සෑහෙන වැඩ. වැඩට යන්නයි එන්නයි බස් එකට යන කාලය ගත්තම නිදහස් වේලාවෙන් බාගයක්ම ඉවරයි.

ඒ අතර තුර මට  විද්යුත් තැපෑලෙන් ලැබුනු අපූරු සහ සිත් ඇද ගන්නා සුලු ඡායා රූප පෙලක් තිබුනා. 
ඹබ සිතනවද ඹබ ඉන්නෙ අසතුටෙන් කියා, එසේනම් බලන්න මේ අය..........


ඹබ සිතනවද ඹබේ වැටුප ඹබට ප්‍රමාණවත් මදි කියල, එසේනම් බලන්න මැය දිහා...........


ඹබ සිතනවද ඹබට යහලුවන් නෑ කියල, බලන්න මොහු දිහා........


ඹබට සිතෙනවද ජීවිතයෙන් පලා යන්න, බලන්න මේ දෛර්ය වන්ත පුද්ගලයා..........


ඹබ සිතනවද ඹබ ජීවිතයෙන් විදවනවා කියා, ඹබ මොහු තරම්ම ජීවිතයෙන් පීඩා විදිනවද


ඹබ ඹබේ ප්‍රවාහණ පද්දතියය ගැන පැමිණිලි කරනවද, බලන්න එය මේ තරම්ම අබලන්ද.........


සමාජය ඹබව නොසලකා හරිනවද, නමුත් මැය තරම්ම නොසලකා හැරලද.............


මේ  සමාජයේ බොහෝ දේ අපේ ඇස ගැටෙනවා... නමුත් ඒවායින් කීයද අපේ සිතට කාවදින්නෙ. අපි අපට නොලුබුනු දේ ගැන සිතා දුක් විදිනවා. නමුත් ලෝකය දිහා හැරිල බලන විට, ලෝකයේ අනිත් මිනිසුන්ට ඒවායින් හරි අඩක් වත් ලැබිල නෑ.

Tuesday, August 21, 2012

මල් රටා

මේ තියෙන් ලෝකයේ විශාලම ට්යුලිප් මල් වගාවන්ගෙන් එකක් වන නෙදර්ලන්තයේ මල් යායවල්. අපූරුයි නේද? සුන්දරත්වය වචන වලට පෙරලන්නත් අමාරුයි.
මේවා බැලූ බැල්මට ඉතා අලංකාරව පෙනුනත්, මේවා වගා කරන්න මේ මිනිසුන් දරන්නෙ විශාල මහන්සියක්. නමුත් ඒ මිනිසුන්ගෙ මහන්සිය අපතෙ ගිහින් නෑ නෙ.......







Thursday, May 31, 2012

වාහනයේ ආරක්ශක පටි පැලදීම

මම විනෝදාංශයක් වශයෙන් කරන්නෙ ලෝකයේ විවිධ රට වල ජනප්‍රිය වූ වෙළද දැන්වීම් එකතු කිරීම. මේ අතර තිබූ දැනුවත් කිරීමේ වීඩ්යෝවක් තමයි මම අද පෙන්නන්න හදන්නෙ. මට මේක මතක් වුනේ ගිය මාසෙ මගේ බැජ් එකේ මිතුරියකට සිදු වූ රිය අනතුරකින් ඇය මිය යාමත්ය. තවද ඒ අවස්ථාවේ සිටි අනිත් කෙනා බේරිමට ආසන්න හේතුව ලෙස දක්වා තිබුනේ ඒ අවස්ථාවේ ආරක්ශක පටි පැලද සිටීමත් මා මිතුරිය ආරක්ශක පටි පැලද නොසිටීමත්ය.



මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ ඒ හා සමාන දෙයක්.


Template by:

Free Blog Templates